Lionel Messi breaks 68-year-old world record for consecutive matches with a goal in World Cup history

Lionel Messi breaks 68-year-old world record for consecutive matches with a goal in World Cup history

වසර 68ක් පුරා නොබිඳී පැවැති ලෝක වාර්තාවක් අළුත් කරමින් පාපන්දු ලෝක කුසලාන තරගවලදී පිටපිට වැඩිම තරග සංඛ්‍යාවකදී ගෝල වාර්තා කල ක්‍රීඩකයා බවට පත්වීමට Lionel Messi සමත් වී තිබෙනවා. ඒ පිට පිට තරග 8 කදී ගෝල වාර්තා කරමින්.

මේ හරහා ඔහු ලෝක පාපන්දු ඉතිහාසයේ තවත් නව වාර්තාවක් සිය නමට ලියාගැනීමට සමත්ව තිබෙනවා. මීට පෙර FIFA World Cup ඉතිහාසයේ පිටපිට වැඩිම තරග සංඛ්‍යාවකදී ගෝල වාර්තා කිරීමේ වාර්තාව හිමිව තිබුණේ ප්‍රංශයේ Just Fontaine සහ බ්‍රසීලයේ Jairzinho යන ක්‍රීඩකයින්ටයි. ඔවුන් දෙදෙනා පිළිවෙළින් 1958 සහ 1970 වසරවලදී පැවති ලෝක කුසලාන තරගාවලි වලදී පිටපිට තරග හයකදී ගෝල වාර්තා කරමින් එම වාර්තාවට හිමිකම් කියා තිබුණා.

කෙසේ වෙතත් Lionel Messi විසින් පිටපිට තරග අටකදී ගෝල වාර්තා කිරීමත් සමඟ දශක ගණනාවක් පැරණි වූ එම වාර්තාව මෙලෙස අලුත් වී තිබෙනවා.