History teacher turns power outage during The Odyssey into a history lesson

History teacher turns power outage during The Odyssey into a history lesson

සිනමාශාලාවක The Odyssey චිත්‍රපටය ප්‍රදර්ශනය වෙමින් පවතින අතරතුර සිදුවූ විදුලි බිඳවැටීමකදී, එහි සිටි ගුරුවරියක් විසින් සමස්ත ප්‍රේක්ෂකයින්ට ඒ හා සම්බන්ධ ඉතිහාස පාඩම උගන්වයි.

ඇමෙරිකාවේ Texas හි Dallas නගරයේ පිහිටි Cinepolis සිනමාහලකදී Christopher Nolan ගේ නවතම චිත්‍රපටය වන The Odyssey චිත්‍රපටය ප්‍රදර්ශනය වෙමින් පවතින අතරතුර සිදුවූ විදුලි බිඳවැටීමකදී, එහි සිටි ගුරුවරියක් විසින් සමස්ත ප්‍රේක්ෂකයින්ට අපූරු ඉතිහාස පාඩමක් කියාදීමේ සිදුවීමක් මේ වන විට අන්තර්ජාලය පුරා අතිශය ජනප්‍රිය වෙමින් පවතිනවා.

TikTok සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ එක් කර ඇති වීඩියෝවක දැක්වෙන පරිදි, සිනමාහලේ විදුලිය විසන්ධි වූ වහාම එහි සිටි ඉතිහාස ගුරුවරියක් වන මෙම කාන්තාව සිය අසුනෙන් නැගී සිට අදාළ චිත්‍රපටයට පාදක වන ග්‍රීක ඉතිහාසය සහ එහි එන Agamemnon නම් චරිතය පිළිබඳව මුළු සිනමාහලටම ඇසෙන පරිදි විස්තර කිරීම ආරම්භ කර තිබෙනවා. චිත්‍රපටය නැරඹීමට පැමිණි අනෙකුත් ප්‍රේක්ෂකයින්ද ඉතා නිශ්ශබ්දව මෙම විස්තර කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇති අතර, අවසානයේදී ඔවුන් සියල්ලන්ම ඇයට අත්පොළසන් නාදයක්ද ලබා දෙන අයුරු එම වීඩියෝවේ වැඩිදුරටත් දැකගත හැකියි.