High-quality bootleg of Spider-Man: Brand New Day leaked online

High-quality bootleg of Spider-Man: Brand New Day leaked online

ඊයේ දිනයේ ලොව පුරා තිරගත වීම ආරම්භ කල Spider-Man: Brand New Day චිත්‍රපටයේ ඉහළ ගුණාත්මක තත්ත්වයෙන් යුත් නීතිවිරෝධී පිටපතක් 𝕏 (පැරණි Twitter) සමාජ මාධ්‍ය ජාලය වෙත නිකුත් වී තිබෙනවා.

අදාළ චිත්‍රපටයේ සම්පූර්ණ පිටපතම එක්තරා පරිශීලකයෙකු විසින් මෙලෙස සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති අතර, Sony ආයතනය විසින් එය ඉවත් කිරීමට පෙර පැය කිහිපයක් ඇතුළත නැරඹුම් වාර මිලියන 5.9 කට අධික ප්‍රේක්ෂකයින් පිරිසක් එය නරඹා likes එක්ලක්ෂ හතළිස් තුන්දහසකට වඩා හිමිව තිබූ අතර, දසදහසකට අධික වාර ගණනක් එය හුවමාරු වී තිබෙනවා.

කෙසේ වෙතත් මේ වන විට අදාළ ප්‍රධාන වීඩියෝව මෙන්ම චිත්‍රපටයේ වැදගත් දර්ශන අන්තර්ගත වූ තවත් කෙටි වීඩියෝ රැසක්ද කඩිනමින් අන්තර්ජාලයෙන් ඉවත් කිරීමට Sony ආයතනය කටයුතු කර තිබෙනවා. මෙම පිටපත සුළු වේලාවක් තුළ විවිධ සමාජ මාධ්‍ය ජාලා හරහා ඉතා වේගයෙන් හුවමාරු වූ අතර, පසුව Sony ආයතනය විසින් කඩිනමින් මැදිහත් වී එම වීඩියෝ දර්ශන සියල්ල අන්තර්ජාලයෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.