FIFA sells pieces of World Cup final stadium grass for 450 dollars

FIFA sells pieces of World Cup final stadium grass for 450 dollars

මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය පැවැත්වීමට නියමිත ක්‍රීඩාංගණයේ තණතීරුවේ කොටස් අලෙවි කිරීමට FIFA සංවිධානය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව අවසන් තරගය සඳහා භාවිත කරන තණතීරුවේ කුඩා කොටසක් ඩොලර් 450ක මුදලකට ඔවුන්ගේ නිල වෙබ් අඩවිය හරහා මිලදී ගැනීමේ හැකියාව ලබා දී ඇති අතර, තරගය අවසන් වූ වහාම අදාළ තණකොළ කොටස් කපා ඉවත් කර විශේෂිත ඇසුරුමක බහා පාරිභෝගිකයින් වෙත යැවීමටයි ඔවුන් සැලසුම් කර ඇත්තේ.

අවසන් මහා තරගය නැරඹීම සඳහා වන ප්‍රවේශපත්‍ර මිල ගණන් අතිශය ඉහළ අගයක් ගන්නා බැවින්, තරගය නැරඹීමට යාමට නොහැකි වූ ලොව පුරා පාපන්දු රසිකයින්ට මෙලෙස ඓතිහාසික තරගයේ කොටස්කරුවෙකු වීමට මෙමඟින් වෙනස්ම ආකාරයක අවස්ථාවක් උදාකර දී තිබෙනවා. කෙසේ වෙතත් මෙය FIFA සංවිධානයේ තවත් එක් දැවැන්ත ආදායම් ඉපයීමේ ව්‍යාපෘතියක් ලෙසටද බොහෝ පාර්ශවයන්ගෙන් මේ වන විට විවේචන එල්ල වෙමින් පවතිනවා.