Elon Musk says Grok will create a historically accurate full-length movie of 'The Odyssey' by the end of the year

Christopher Nolan ගේ අධ්‍යක්ෂණයෙන් පසුගිය දා තිරගත වීම ආරම්භ කළ The Odyssey සිනමාපටයේ නළු නිළියන් තෝරාගැනීම සම්බන්ධයෙන් දැඩි විවේචනයක් එල්ල කරමින් සිටින ලොව ධනවත්ම පුද්ගලයා වන Elon Musk, සිය 𝕏 සමාජ මාධ්‍ය ගිණුම හරහා තවත් සුවිශේෂී ප්‍රකාශයක් සිදු කර තිබෙනවා. ඒ අනුව මෙම වසර අවසන් වීමට ප්‍රථම තම xAI සමාගමට අයත් Grok Imagine තාක්ෂණය භාවිත කරමින් The Odyssey කතාව පදනම් කරගත් සම්පූර්ණ දිගු චිත්‍රපටයක් නිර්මාණය කරන බවට ඔහු එහිදී පොරොන්දු වී තිබෙනවා.
Heavy Pulp නමැති පරිශීලකයෙකු විසින් Grok Imagine තාක්ෂණය යොදාගනිමින් නිර්මාණය කරන ලද කෙටි වීඩියෝවක් 𝕏 වේදිකාව තුළ බෙදාගනිමින් Elon Musk මෙම අදහස් පළ කර තිබුණා. ඓතිහාසික වශයෙන් වඩාත් නිවැරදි තොරතුරු ඇතුළත් කරමින් සහ හෝමර්ගේ කලාත්මක නිර්මාණයට උපරිම සාධාරණයක් ඉටු වන ආකාරයෙන් මෙම කෘතිම බුද්ධියෙන් නිමැවෙන චිත්‍රපටය නිර්මාණය කරන බවට ඔහු වැඩිදුරටත් එහි සටහන් කර තිබෙනවා. තවද ඔහු විසින් එම සටහන ඔහුගේ ගිණුමේ Pin කර තිබීමද විශේෂත්වක්.
“Before this year ends, Grok Imagine will make a full-length movie of The Odyssey that is historically accurate and true to the art of Homer”
එය එසේ සිදු වුවහොත් AI හෙවත් කෘතිම බුද්ධියක් භාවිතයෙන් නිර්මාණය වූ පළමු සම්පූර්ණ චිත්‍රපටය බවට එය ඉතිහාසගත වේවි.
කෙසේ වෙතත් Matt Damon, Tom Holland, Anne Hathaway සහ Lupita Nyong'o වැනි ජනප්‍රිය තරු රැසකගේ දායකත්වයෙන් නිර්මාණය වූ Christopher Nolan ගේ The Odyssey සිනමාපටය මේ වන විට ලොව පුරා අතිවිශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් සමඟින් සාර්ථකව තිරගත වෙමින් පවතිනවා.
Discussion
No comments yet — start the conversation.