දරා ගැනීමට අපහසු වූ රාත්‍රින්

2014 ජූලි 14 අද වගේ දවසක මෙසි සිය 2 වන ජාත්‍යන්තර අවසන් මහා තරඟය වූ 2014 ලෝක කුසලාන අවසන් මහා තරඟය බ්‍රසීලයේ මරකානාහිදී ජර්මනියට එරෙහිව පරාජයට පත් වෙනවා.ඊළඟ වසර 2 ක තුළ තවත් මහද්වීපික අවසන් මහා තරඟ 2 ක් පරාජයට පත් වෙනවා.ජාත්‍යන්තර කුසලානයක අඩුව ඔහුගේ දිවියේ තවත් වසර 7 ක් එලෙසම පැවතුනා.
ආජන්ටිනාව හට වසර 28 ක් අඩුව එලෙසම දැනුනා.2021 දි ඔහු සිය ජයග්‍රාහී මාවත ආරම්භ කරනවා. 34 විය වනතුරු කිසිඳු ජාත්‍යන්තර කුසලානයක් නොතිබූ මෙසි 39 වන විය වන විට ලෝක කුසලානයක් ඇතුළුව ජාත්‍යන්තර කුසලාන 4 හිමිකරුවෙක් වී සිටිනවා.2014 ජූලි 14 කියන්නේ මෙසි පළමු වතාවට ජාත්‍යන්තර අවසන් මහා තරඟයක් පරාජය වනවා මං දැකපු පළවෙනි වතාව. එය අවසන් වතාවද වුණේ නැහැ.වසර 12 කට පස්සේ කණ්ඩායම් ලෙස වගේම, පෞද්ගලික ජයග්‍රහණවලින් ද factually ඉතිහාසයේ පාපන්දු සම්පූර්ණ කළ එකම ක්‍රීඩකයා ලෙස කියන්න පුළුවන් එකම ක්‍රීඩකයා වෙලා ඉන්නවා.කඩා වැටීම්වලින් පසුව එවන් විශිෂ්ඨ නැවත නැගී සිටීම් බලා සිටීමට අපහසු ඇතැම් පිරිස්වලට සිදු වී තිබෙන "සංජානනීය අසංගතිය" (Cognitive Dissonance) ගැන පුදුම විය යුතු නැහැ.එය තමයි ඔවුන් විසින් ඔවුන්ගේ මානසික අපහසුතාවයන් සමනය කරගැනීම සඳහා නිරායාසයෙන් යොදාගන්නා මානසික defense mechanism එක.එහි අර්ථය මෙසි ඉතිහාසයට බලපෑමක් කළ ක්‍රීඩකයෙක් වී හමාරයි කියන එක.
එදා 12 වසරකට පෙර මෙසි ලෝක කුසලානය පරාජය නොවුනා නම් බොහෝ දුරට 2018 ලෝක කුසලානයෙන් පසුව ජාත්‍යන්තර දිවියෙන් සමුගන්න වැඩි ඉඩක් තිබුණා.නමුත් දෛවයට අවශ්‍ය වුණේ වෙන දෙයක්.එදායින් වසර 12 කට පසුත් ලෝක කුසලානයක මෙසි ජයග්‍රාහකයෙක් ලෙස සෙල්ලම් කරනවා. වයස 39 දිත් Highest ම level එකෙන්.A journey of tears, patience & finally immortality
Leo Messi
Admin: Pasindu Herath
Discussion
No comments yet — start the conversation.