Director Pierre Coffin confirms Minions never worked for Hitler

Minions චිත්‍රපටයේ අධ්‍යක්ෂක සහ Minions චරිත වල සම නිර්ත්මාතෘවරයෙක් වන Pierre Coffin විසින් Polygon වෙබ් අඩවිය සමඟ පැවැත් වූ සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබෙන්නේ Minions ලා කිසිම අවස්ථාවක Hitler යටතේ සේවය කර නොමැති බවයි. එම කාලසීමාව තුළ ඔවුන් ගුහාවක් ඇතුළත අයිස් වී (frozen) සිටි බව ඔහු මෙහිදී තහවුරු කර තිබෙනවා.
චිත්‍රපටය තුළ Minions ලා සැමවිටම ලොව සිටින දරුණුතම පාලකයින් පසුපස යාමට ප්‍රිය කරන බැවින්, ඔවුන් ඉතිහාසයේ සිටි දරුණු පාලකයෙකු වූ Hitler සඳහාද සේවය කරන්නට ඇති බවට රසිකයින් අතර මතයක් තිබුණා. කෙසේ වෙතත් මෙම ප්‍රකාශයත් සමඟ එම සැකය සම්පූර්ණයෙන්ම ඉවත් වන අතර, ඔවුන්ගේ ඉතිහාසය පිළිබඳව තිබූ ගැටලුවලට නිවැරදි පිළිතුරක් ලැබී තිබෙනවා.
නවතම Minions චිත්‍රපටය වන Minions & Monsters මේ වන විට ලොව පුරා සිනමාශාලාවල තිරගත වෙයි.
Discussion
No comments yet — start the conversation.