
Christopher Nolan’s The Odyssey surpassed James Cameron’s Avatar to become the highest-grossing IMAX release of all time
James Cameron ගේ Avatar චිත්‍රපටය වසර 17ක් තබා තිබූ වාර්තාව පසු කරමින් The Odyssey චිත්‍රපටය සිනමා ඉතිහාසයේ වැඩිම ආදායමක් ඉපැයූ IMAX චිත්‍රපටය බවට පත් වෙයි. ලොව පුරා පිහිටි IMAX සිනමා ශාලාවලින් පමණක් ඇ.ඩො මිලියන 289 ක ආදායමක් උපයා ගැනීමට මෙම චිත්‍රපටය සමත්ව ඇති අතර, මීට පෙර James Cameron ගේ Avatar චිත්‍රපටය විසින් ඇ.ඩො මිලියන 256 ක ආදායමක් සහිතව තබා තිබූ දීර්ඝකාලීන වාර්තාව බිඳ දැමීමට ඒ අනුව හැකි වී තිබෙනවා.
ඩොලර් බිලියන 1.17 කට අධික මුළු ගෝලීය ආදායමෙන් 26% කට වඩා වැඩි ප්‍රමාණයක් IMAX සිනමාහල් හරහා පමණක් උපයාගෙන තිබීම මෙහි ඇති සුවිශේෂීම කරුණයි. ලොව පුරා පිහිටි 70mm IMAX සිනමාහල් 41 කින් පමණක් ඇ.ඩො මිලියන 37.5 ක ආදායමක් වාර්තා වී ඇති අතර, ඉන් Los Angeles හි පිහිටි TCL Chinese Theatre මගින් පමණක් ඇ.ඩො මිලියන 2.8 ක ආදායමක් උපයා තිබෙනවා. එසේම උතුරු ඇමරිකානු කලාපයේ IMAX සිනමාහල්වලින් පමණක් ඇ.ඩො මිලියන 147 ක ආදායමක් උපයමින් ඉතිහාසයේ වැඩිම දේශීය IMAX ආදායම වාර්තා කිරීමට ද මෙම චිත්‍රපටය සමත් වුණා.
තාක්ෂණික අතින් නව මංපෙත් විවර කරමින්, The Keighley යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන නවීන තාක්ෂණයෙන් යුත් මීළඟ පරම්පරාවේ IMAX කැමරා භාවිත කරමින් මුල සිට අග දක්වාම සම්පූර්ණයෙන්ම 70mm IMAX පටල කැමරාවලින් රූගත කරන ලද ලොව ප්‍රථම චිත්‍රපටය ලෙස ද The Odyssey ඉතිහාසයට එක්වනවා.
Discussion
No comments yet — start the conversation.