Christopher Nolan's latest film The Odyssey becomes his first non-Batman movie to cross the $1 billion mark

Christopher Nolan's latest film The Odyssey becomes his first non-Batman movie to cross the $1 billion mark

ලොව පුරා අතිවිශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් දිනාගනිමින් තිරගත වන The Odyssey චිත්‍රපටය, ලොව පුරා ආදායක ඇ.ඩො බිලියනයේ බොක්ස් ඔෆිස් ආදායම් සීමාව පසුකර යාමට සමත් වී තිබෙනවා.

ඒ අනුව Christopher Nolan ගේ සිනමා ජීවිතය තුළ ඩොලර් බිලියනයේ ආදායම් සීමාව පසු කළ ප්‍රථම Batman නොවන (non-Batman) චිත්‍රපටය ලෙසින් ද මෙම චිත්‍රපටය ඉතිහාසගත වනවා.

මීට පෙර ඔහු විසින් අධ්‍යක්ෂණය කරන ලද The Dark Knight සහ The Dark Knight Rises යන Batman චිත්‍රපට ද්විත්වය පමණක් මෙම ඩොලර් බිලියනයේ සුවිශේෂී කඩඉම පසු කිරීමට සමත් වී තිබුණා.