Christopher Nolan becomes the third highest grossing director of all time at the global box office

ප්‍රවීණ අධ්‍යක්ෂක Christopher Nolan, සිනමා ඉතිහාසයේ වැඩිම ආදායමක් ඉපයූ අධ්‍යක්ෂකවරුන් අතර 3 වෙනි ස්ථානයට පත් වෙයි. ඒ තිරගත වෙමින් පවතින The Odyssey චිත්‍රපටයේ සාර්ථකත්වයත් සමඟයි. ඒ අනුව මේ වන විට ඔහුගේ සමස්ත ගෝලීය සිනමා බොක්ස් ඔෆිස් ආදායම ඩොලර් බිලියන 6.95 ක් ලෙසයි සටහන් වන්නේ.
මෙම නවතම වාර්තාවත් සමගින් ඩොලර් බිලියන 6.76 ක ආදායමක් ලබා සිටි ජනප්‍රිය Avengers: Infinity War සහ Avengers: Endgame අධ්‍යක්ෂක Anthony Russo සහ Joe Russo යන අධ්‍යක්ෂකවරුන් සිව්වන ස්ථානය දක්වා පසුබා තිබෙනවා.
එම ලැයිස්තුවේ පළමු ස්ථානයේ Steven Spielberg ඩොලර් බිලියන 10.93 ක ආදායමක් සමගින් පසුවන අතර, James Cameron ඩොලර් බිලියන 10.59 ක ආදායමක් ලබාගනිමින් දෙවන ස්ථානයේ පසු වනවා. කෙසේ වෙතත් එළැඹෙන දෙසැම්බර් 18 වනදා නිකුත් වන Avengers: Doomsday චිත්‍රපටයත් සමඟම නැවතත් Russo සහෝදරයන් විසින් තෙවන ස්ථානයට පත් වනු ඇතියි.
Discussion
No comments yet — start the conversation.