Avengers: Doomsday trailer faces criticism, Indian fans say ‘Ramayana’ looks better

Avengers: Doomsday trailer faces criticism, Indian fans say ‘Ramayana’ looks better

Marvel සමාගමේ මීළඟ දැවැන්ත චිත්‍රපටය වන Avengers: Doomsday හි පූර්ව ප්‍රචාරක පටයට මේ වන විට ඉන්දියාවේ ප්‍රේක්ෂකයින් අතර විසින් විවේචනයට ලක්වෙමින් පවතිනවා. මෙම නවතම පූර්ව ප්‍රචාරක පටයේ දෘශ්‍ය ප්‍රයෝග (CGI/VFX) සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදය පළ කර තිබෙනවා.

සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වන ඉන්දීය රසිකයින් පෙන්වා දෙන්නේ දැවැන්ත පිරිවැයක් දරා නිර්මාණය කර ඇති මෙම Marvel චිත්‍රපටයට වඩා එරට නිර්මාණය වන Ramayana චිත්‍රපටයේ දෘශ්‍ය ප්‍රයෝග සහ ගුණාත්මකභාවය ඉතාමත් ඉහළ මට්ටමක පවතින බවයි. මෙම සංසන්දනය කිරීමත් සමඟින් හොලිවුඩ් සහ ඉන්දියානු සිනමා රසිකයින් අතර සමාජ මාධ්‍ය තුළ විශාල කතාබහක්ද නිර්මාණය වී තිබෙනවා.

Ramayana: Part 1 චිත්‍රපටය එළැඹෙන නොවැම්බර් 8 වනදා සහ Avengers: Doomsday චිත්‍රපටය එළැඹෙන දෙසැම්බර් 18 වනදාත් නිකුත් වීමට නියමිතයි.