Avengers: Doomsday earns $16.5 million in first day ticket presales

Avengers: Doomsday earns $16.5 million in first day ticket presales

Marvel සමාගමේ මීළඟ දැවැන්තම චිත්‍රපටය වන Avengers: Doomsday චිත්‍රපටය සඳහා පෙර ප්‍රවේශ පත්‍ර අලෙවිය ආරම්භ කළ පළමු දිනයේදීම ඩොලර් මිලියන 16.5ක ආදායමක් උපයා ගැනීමට සමත්ව තිබෙනවා. Dune: Part Three හේතුවෙන් IMAX සිනමාහල් සඳහා ප්‍රදර්ශනය කිරීමේ අවස්ථාව නොලබාම සීමිත සිනමා තිර සංඛ්‍යාවක පමණක් ප්‍රවේශ පත්‍ර වෙන්කරවා ගැනීමට හැකිව තිබියදීත් මෙම සුවිශේෂී ආදායම් වාර්තාව පිහිටුවීමට ඔවුන්ට හැකිවී තිබීම විශේෂත්වයක්.

මෙම දැවැන්ත මූල්‍ය වාර්තාවත් සමඟින් කොවිඩ් වසංගතයෙන් පසුව ලෝක සිනමා ඉතිහාසය තුළ පැය 24ක් ඇතුළත ඉහළම පෙර ප්‍රවේශ පත්‍ර අලෙවියක් වාර්තා කළ තුන්වන චිත්‍රපටය බවට පත්වීමට Avengers: Doomsday වෙත හැකියාව ලැබී තිබෙනවා. මෙම වාර්තා ලැයිස්තුවේ පළමු සහ දෙවන ස්ථාන වල පිළිවෙලින් Spider-Man: No Way Home සහ Spider-Man: Brand New Day යන Marvel Studio වේම චිත්‍රපට ද්විත්වය රැඳී සිටීම විශේෂත්වයක්.