Argentina become first team in last 60 years without a single shot in first 90 minutes of a World Cup final

2026 FIFA World Cup තරඟාවලියේ ස්පාඤ්ඤය සහ ආර්ජන්ටිනාව අතර පැවැත්වුණු අවසන් මහා තරඟයේදී ආර්ජන්ටිනා කණ්ඩායම විසින් පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ වාර්තාවක් පිහිටුවීමට සමත්ව තිබෙනවා. ඒ අනුව 1966 වසරෙන් පසුව ලෝක කුසලාන අවසන් මහා තරඟයකදී නියමිත මිනිත්තු 90 පුරාවට ප්‍රතිවාදී ගෝලය දෙසට කිසිදු පහරක් (0 shots) එල්ල කිරීමට අපොහොසත් වූ පළමු කණ්ඩායම බවට ආර්ජන්ටිනාව පත්ව තිබෙනවා.
තරඟය පුරාවටම ස්පාඤ්ඤ කණ්ඩායම සතුව පැවති දැවැන්ත පන්දුවේ ආධිපත්‍යය හමුවේ ආර්ජන්ටිනා කණ්ඩායම දැඩි ලෙස ආරක්ෂාකාරී පිළිවෙතක් අනුගමනය කළ අතර, නියමිත කාලය අවසන් වන විට ඔවුන්ගේ Expected Goals (xG) අගයද 0.00ක් ලෙස සටහන් වුණා. ආර්ජන්ටිනා කණ්ඩායම වෙනුවෙන් ප්‍රථම පහර එල්ල වූයේ තරඟයේ 117 වන විනාඩියේදී වන අතර, එය Lionel Messi විසින් එල්ල කරන ලද පහරක්.
කෙසේ වෙතත් තරඟයේ 106 වන විනාඩියේදී Ferran Torres ලබාගත් එකම ගෝලයත් සමඟින් Spain කණ්ඩායම 1-0ක් ලෙස ජයග්‍රහණය කරමින් මෙවර ලෝක කුසලානය හිමිකර ගැනීමට සමත් වුණා.
Discussion
No comments yet — start the conversation.