Harry Potter star Jessie Cave earns more from OnlyFans hair content in one year than her entire acting career

Harry Potter star Jessie Cave earns more from OnlyFans hair content in one year than her entire acting career

අතිශය ජනප්‍රිය Harry Potter චිත්‍රපට මාලාවේ Lavender Brown ගේ චරිතයට පණ පෙවූ රංගන ශිල්පිනී Jessie Cave සිය OnlyFans ගිණුම හරහා වසර 20ක රංගන ජීවිතය තුළ ඉපැයූ සමස්ත ආදායමට වඩා වැඩි මුදලක් ගතවූ එක් වසරක කාලය තුළ OnlyFans වේදිකාව හරහා උපයාගැනීම සමත් වූ බවට ප්‍රකාශ කර තිබෙනවා.

ඇය කිසිදු ආකාරයක අඩනිරුවත් දර්ශනයක් සිය ගිණුම හරහා පළ නොකරන අතර, ඒ වෙනුවට ඇය සම්පූර්ණයෙන්ම ඇඳුම්වලින් සැරසී සිය දිගු කොණ්ඩය පීරන, ගොතන සහ විවිධ මෝස්තරවලට සකසන වීඩියෝ පමණක් එහි පළ කරනු ලබනවා. ඊට අමතරව ASMR තාක්ෂණය භාවිතා කරමින් කොණ්ඩය පීරීමේදී ඇසෙන ශබ්දයන් ද එම වීඩියෝ සඳහා එක් කිරීමට ඇය පියවර ගෙන තිබෙනවා. කොණ්ඩය පමණක් ප්‍රධාන කරගනිමින් නිර්මාණය කරන මෙම වීඩියෝ නැරඹීම සඳහා ඇයගේ ග්‍රාහකයින් මසකට ඩොලර් 6 ක මුදලක් ගෙවන අතර, ඇතැම් දිනවලදී ඇය ඩොලර් 20,000 ක පමණ දැවැන්ත ආදායමක් ද මේ හරහා උපයාගෙන තිබෙනවා.

සිය රංගන ජීවිතයේ අවස්ථා අහිමි වීමත් සමග දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දීම හේතුවෙන් දරුවන් සිව්දෙනෙකුගේ මවක් වන ඇය 2025 වසරේදී මෙම ගිණුම ආරම්භ කර තිබෙනවා. කෙසේ වෙතත් මෙලෙස අඩනිරුවත් දර්ශනවලින් තොර වීඩියෝ පළ කළද, ඇයගේ OnlyFans ගිණුම හේතුවෙන් පසුගියදා පැවැත්වුණු Harry Potter රසික හමුවක් සඳහා සහභාගී වීමේ අවස්ථාව ද ඇයට අහිමි වී තිබුණා. ඊට හේතුව ලෙස සංවිධායකයින් පෙන්වා දී තිබුණේ මෙලෙස සෘජු අඩනිරුවතක් නොතිබුණද, මෙය hair fetish හෙවත් කෙස් කළඹ පදනම් කරගත් විශේෂිත ලිංගික උත්තේජන අන්තර්ගතයක් ලෙස වර්ගීකරණය වන බැවිනි.