After 53 years, Obsession has officially become the most profitable movie in cinema history, surpassing Enter the Dragon.

After 53 years, Obsession has officially become the most profitable movie in cinema history, surpassing Enter the Dragon.

Obsession චිත්‍රපටය ලෝක සිනමා ඉතිහාසයේ අඩු පිරිවැයකින් නිර්මාණය කර වැඩිම ලාභයක් ඉපැයූ චිත්‍රපටය බවට පත්ව තිබෙනවා. ඇමරිකානු ඩොලර් 750,000 ක වැනි ඉතා කුඩා පිරිවැයකින් නිර්මාණය කළ Obsession මේ වන විට ලොව පුරා ප්‍රදර්ශනය කරමින් ඩොලර් මිලියන 404 කට අධික අතිවිශාල ආදායමක් උපයා ගැනීමට සමත්ව තිබෙනවා.

මීට පෙර වසර 53ක් පුරාවට මෙම දැවැන්ත ආදායම් වාර්තාවට හිමිකම් කියනු ලැබුවේ ඇමරිකානු ඩොලර් 850,000 පිරිවැයකින් නිර්මාණය කර ඇ.ඩො මිලියන 400ක ආදායමක් උපයමින් 1973 වසරේදී තිරගත වූ Bruce Lee රංගනයෙන් දායක වූ Enter the Dragon චිත්‍රපටයයි.

ඒ අනුව දශක පහකට අධික කාලයක් පැවති වාර්තාව බිඳ දමමින් ලෝක සිනමාව තුළ මෙලෙස අලුත් වාර්තාවක් තැබීමට Obsession චිත්‍රපටයට හැකි වී තිබෙනවා. කුඩා පිරිවැයකින් වුවද අතිසාර්ථක නිර්මාණයක් බිහිකළ හැකි බවට මෙය කදිම නිදසුනකි.