A couple have signed a contract that allows the husband to play ‘GTA 6’ uninterrupted for up to 10 days after release.

A couple have signed a contract that allows the husband to play ‘GTA 6’ uninterrupted for up to 10 days after release.

නිකුත් වීමට නියමිත ජනප්‍රිය GTA 6 වීඩියෝ ක්‍රීඩාව කිසිදු බාධාවකින් තොරව ක්‍රීඩා කිරීම සඳහා යුවළක් විසින් විශේෂ ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා. මෙම ගිවිසුම හරහා 2026 වසරේ නොවැම්බර් 19 වනදා සිට 29 වනදා දක්වා දින දහයක කාලයක් ස්වාමිපුරුෂයාට අඛණ්ඩව මෙම ක්‍රීඩාවේ නිරත වීමට අදාළ අවසරය ලබා දී තිබෙනවා.

මෙම ගිවිසුමට අනුව ඔහු ක්‍රීඩා කරන අතරතුර රූපවාහිනිය ඉදිරියෙන් ගමන් කිරීම, ඔහුට බාධා කිරීම, සිපගැනීම හෝ කතාබහ කිරීම සම්පූර්ණයෙන්ම තහනම් වනවා. එසේම ඔහුගේ ක්‍රීඩාවේ මෙහෙයුම් අවසන් වන තුරු කිසිදු උදව්වක් ඉල්ලා සිටීමට බිරිඳට අවසර හිමි වන්නේ නැහැ. ක්‍රීඩාව අතරතුරදී ඔහු අසමත් වුවහොත් එය හුදෙක් ක්‍රීඩාවක් පමණක් බව පැවසීමද මෙම ගිවිසුම මඟින් තහනම් කර තිබීම මෙහි ඇති විශේෂත්වයක්.

ඔන්න කොල්ලනේ දැන් තමයි වෙලාව agreement එකක් ගහන්න