WhatsApp allows users to go by usernames instead of phone numbers

ලොව පුරා බිලියන තුනකට අධික පරිශීලකයින් පිරිසක් සිටින WhatsApp යෙදුම තුළ මෙතෙක් පැවති විශාලතම පෞද්ගලිකත්ව ගැටලුවකට විසඳුම් ලබා දෙමින් දුරකථන අංක වෙනුවට පරිශීලක නාම භාවිතා කිරීමේ පහසුකම හඳුන්වා දීමට ඔවුන් පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ඉදිරියේදී නව පුද්ගලයෙකු සමඟ සංවාදයක් ආරම්භ කිරීමේදී තමන්ගේ පෞද්ගලික දුරකථන අංකය ලබා දීම වෙනුවට තමන්ටම වෙන් වූ සුවිශේෂී පරිශීලක නාමයක් ලබා දීමේ හැකියාව පරිශීලකයින්ට හිමි වනවා.

මෙම නවතම විශේෂාංගය ඉදිරි මාස කිහිපය ඇතුළත ලොව පුරා සිටින සියලුම පරිශීලකයින් වෙත ක්‍රමානුකූලව නිකුත් කිරීමට නියමිතව පවතිනවා. එතෙක් කල්තියා තම පරිශීලක නාමය වෙන් කරවා ගැනීමේ අවස්ථාව මේ වන විටත් තෝරාගත් පරිශීලකයින් පිරිසකට WhatsApp යෙදුම හරහා ලබා දී තිබෙනවා. මෙම වෙනස හරහා නාඳුනන පුද්ගලයින් අතට තමන්ගේ පෞද්ගලික දුරකථන අංකය පත්වීම සම්පූර්ණයෙන්ම වැළකී යන බැවින් මෙය සුවිශේෂී පෞද්ගලිකත්ව ආරක්ෂණ පියවරක් ලෙස බොහෝ දෙනා හඳුන්වා දෙනවා.

ඔබගේ පරිශීලක නාමය වෙන් කරගන්න WhatsApp ➝ Settings ➝ Account ➝ Username