
The Flintstones live-action film is in the works.
ගිරිපුර ඇත්තෝ හෙවත් Flintstones සජීවි-ක්‍රියාදාම චිත්‍රපටයක් නිර්මාණය කරන බවට නිවේදනය කරයි.
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් වූ The Flintstones සජීවීකරණ කතාමාලාව ඇසුරෙන් නිර්මාණය වන නවතම සජීවී-ක්‍රියාදාම චිත්‍රපටයක් පිළිබඳව Warner Bros. ආයතනය විසින් නිවේදනය කර තිබෙනවා. මෙවර චිත්‍රපටය හරහා Barney සහ Betty Rubble යුවළගේ සුපිරි බලැති දරුකමට ගත් පුතු වන වැඩිහිටි Bamm-Bamm Rubble ගේ චරිතය පාදක කරගනිමින් කතාව ගලායනු ඇති බවයි වාර්තා වන්නේ.
අදාළ චිත්‍රපටය නිෂ්පාදනය කිරීම සඳහා සුපිරි හොලිවුඩ් නළු Ryan Gosling සහ ඔහුගේ නිෂ්පාදන සහකාර Jessie Henderson සිය Open Invite නිෂ්පාදන සමාගම හරහා එක්ව සිටිනවා. මෙම චිත්‍රපටය තවමත් මූලික සංවර්ධන මට්ටමේ පවතින අතර, ඒ සඳහා තිර රචකයෙකු සෙවීමේ කටයුතු මේ වන විට සිදුවෙමින් පවතින බැවින් අධ්‍යක්ෂකවරයා හෝ රංගන ශිල්පීන් කවුරුන්ද යන්න මෙතෙක් තීරණය කර නැහැ.
1960 දශකයේදී මුල්වරට ප්‍රේක්ෂකයින් හමුවට පැමිණි මෙම The Flintstones කතාමාලාව ඇසුරෙන් මීට පෙර ද 1994 සහ 2000 වසරවලදී චිත්‍රපට ද්විත්වයක් නිර්මාණය වූ අතර, එම චිත්‍රපට දෙකම ලොව පුරා ඩොලර් මිලියන 401 කට අධික ආදායමක් උපයා ගැනීමට සමත් වුණා. කෙසේ වෙතත් මෙම නවතම චිත්‍රපටය තිරගත වන නිශ්චිත දිනයක් මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැහැ.
Discussion
No comments yet — start the conversation.