වයසට නොයන මෙසි

වයසට නොයන මෙසි

මං පුද්ගලිකව විශ්වාස කරනවා 2026 ලෝක කුසලානය අවසානයේ නැවත නැවතත් ඔප්පු වෙනවා වයස අවුරුදු 39 දිත් impactful ම ක්‍රීඩකයා වගේම අනිත් සියලු තරුණ ක්‍රීඩකයන්ට වඩා තවමත් හොඳටම පෆෝම් කරන්න පුළුවන් ක්‍රීඩකයා මෙසි කියලා. මොකද මෙසිගේ වයසත් එක්ක continuously ක්‍රිඩා කරන්න අමාරු වුණත්, පාපන්දු වල අග්‍රගණ්‍යම තරඟාවලිය වන පාපන්දු ලෝක කුසලානයේ තරඟ 6,7 ඇතුළත මෙසිට වඩා උඩින් කිසිම ක්‍රීඩකයෙක් ඉන්නේ නැහැ. එකේ කිසිම තර්ක දෙකක් නැහැ. ආජන්ටිනාව මෙවර ලෝක කුසලානයේ කොපමණ දුර ගියත් නැතත් ඒක වෙනස් වෙන්නේ නැහැ.

අද මෙසි සිය 6 වන ලෝක කුසලානය ඇල්ජීරියාවට එරෙහිව ක්‍රීඩා කරද්දී මං දැක්කෙ 2014 වර්ල්ඩ් කප් එකේ සෙල්ලම් කරපු 27 හැවිරිදි මෙසිව. කාලය කොච්චර හරස් වුණත් මෙසිගේ skill එක ඉස්සරහ කාලයත් අසරණයි. 2006 ජුනි 16 දා අද වගේ දවසක ජර්මනියේ පැවති ලෝක කුසලානයට මෙසි සහභාගී වෙන්නේ කුලුදුල් ක්‍රීඩකයෙක් විදියට.ඔහු එදා ආජන්ටිනාව වෙනුවෙන් 1934 න් පසුව ලෝක කුසලානයක් ක්‍රීඩා කරන ලාබාලතම ක්‍රීඩකයා විදියට ඉතිහාසයට එකතු වුණා. එතකොට ඔහුගේ වයස අවුරුදු 18 යි, දින 358 යි. ඒ වගේම එදා වසර 20 කට පෙර සර්බියාවට එරෙහිව සෙල්ලම් කරන්න ලැබුණු මිනිත්තු 15 ක අවස්ථාවේ ඔහු ආජන්ටිනාව වෙනුවෙන් ගෝලයක් ලබාගත් ලාබාලතම ක්‍රීඩකයා විදියට මංගල ලෝක කුසලාන ගෝලය වගේම මංගල ලෝක කුසලාන ගෝල සහායකය ලබාගත්තේ ගෝල නිර්මාණය සඳහා Key Passes 2 කින් සහ 1 Big chances එකක් නිර්මාණය කරමින්.

එදායින් හරියටම අවුරුදු 20 කට පස්සේ 2026 ජුනි 16 දා මෙසි ඇල්ජීරියාවට එරෙහිව ක්‍රීඩා කරන්නේ පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ ලෝක කුසලාන තරඟාවලි 6 ක් නියෝජනය කරන පළමු ක්‍රීඩකයා විදිහට. ඒ ආජන්ටිනාව වෙනුවෙන් ලෝක කුසලානයක් ක්‍රීඩා කරන වයස්ගතම ක්‍රීඩකයා විදියට ඉතිහාසයට එකතු වෙන්නේ ආජන්ටිනාව වෙනුවෙන් ජාත්‍යන්තර තරඟ 200* ක් ක්‍රීඩා කරන පළමු සහ ලෝකයේ දෙවැනියට වැඩිම ජාත්‍යන්තර තරඟ ගණනක් ක්‍රීඩා කරන ක්‍රීඩකයා විදියට. වයස අවුරුදු 38 යි දින 358 යි.මෙස්සි 2026 ලෝක කුසලානයට සහභාගී වෙනකොට අවුරුදු 3 කින් යුරෝපයේ ක්‍රීඩා කරලා නැහැ. අවුරුදු 2 කින් ආජන්ටිනාව සමඟ ජාත්‍යන්තර තරඟාවලියක් ක්‍රීඩා කරලා නැහැ.Retirememt league කියලා බොහෝ දෙනා හඳුන්වන යුරෝපයෙන් පිට ඇමරිකාවේ MLS ලීගය පමණයි සෙල්ලම් කරේ.නමුත් ඔහු අද ආයෙත් ලෝකයට මතක් කරා Grandest ම stage එකේ තවමත් ඔහුට ඉහළින් කිසිම ක්‍රීඩකයෙක් නැහැ කියලා. තරඟයේ පළමු අර්ධයෙදීම De Paul පිටිය මැද සිට ලබා දුන් පර්ෆෙක්ට් පාස් එකෙන් Outside the box ගෝලයක් Top bin වෙන්න වාර්තා කළා. තරඟාවලියේ මේ වෙනකම් දැකපු සුපිරිම ගෝලයක්.

අනතුරුව දෙවන අර්ධයෙදී Box එක ඇතුලෙදි ගෝල රකින්නාගෙන් Rebound වූ පන්දුව ගෝලයක් බවට හරවාගත් මෙසි 77' වන මිනිත්තුවෙදි නිකෝ ගොන්සාලෙස් ලබාදුන් පන්දුවෙන් නැවත වරක් Outside the box ගෝලයක් වාර්තා කරනවා. ඒත් සමඟම මෙසි බ්‍රසීලයේ Rivellino සතු වූ ලෝක කුසලානවල වැඩිම Outside the box ගෝල වාර්තාව බිඳ දමා ඔහුගේ නමට ලියා ගන්නවා. ඒ වගේම පාපන්දු ඉතිහාසයේම වැඩිම Outside the box ගෝල ගණනේ වාර්තාව තවදුරටත් මෙසි ඉහළ දමන්නේ ඒ අගය 109 දක්වා ඉහළ දමලා. මෙසි අද වාර්තා කළේ දිවියේ 61 ක් වන ගෝල ත්‍රිත්වය වගේම ආජන්ටිනාව වෙනුවෙන් වාර්තා කළ 11 වන Hat-Trick එක. මෙසිට වඩා වැඩියෙන් ජාත්‍යන්තර තලයේ Hat-Trick ලබාගත් වෙන කිසිදු ක්‍රීඩකයෙක් නැහැ. ඒ වගේම මෙසි ඇල්ජීරියාවට එරෙහිව වාර්තා කරන්නේ ඔහු ලෝක කුසලානයක ලබාගත් පළමු Hat-Trick එක. එය කිසිදු පෙනල්ටි ගෝලයක් නැතිව වාර්තා වීමත් විශේෂත්වයක්. ඒ වගේම අද මෙසි අන්තිමට වාර්තා කළේ දිවියේ 800* වැනි පෙනල්ටි නොවන ගෝලය. මෙසි තමයි පෙනල්ටි නොවන ගෝල ලබාගත් ක්‍රීඩකයන් අතර ඉහළින්ම ඉන්නේ. ඒ වගේම වාර්තා පොත් අතරට එකතු වෙන්නේ ලෝක කුසලානයක Hat-Trick එකක් ලබාගත් වයස්ගතම ක්‍රීඩකයා විදියට. (අවුරුදු 38 යි, දින 358) මේ හරියටම පළමු වැනි ලෝක තරඟය ක්‍රීඩා කරලා වසර 20 කට පස්සේ. ලෝක කුසලානයක ගෝල 2+ ට වඩා ලබාගත් වයස්ගතම ක්‍රීඩකයා විදියටත් වාර්තා අතරට එකතු වුණා.

ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ගෝල ලාභියා විදියට වසර 12 ක් තිස්සේ වාර්තාව තබා තිබුණේ ජර්මනියේ මිරසව් ක්ලෝස් විසින්. ඒ ගෝල 16 ක් විදියට. දින කිහිපයකට පෙර ක්ලෝස් කියලා තිබුණා ඔහුගේ වාර්තාව මෙසි මේ ලෝක කුසලානය තුලදී බිඳ දමනව බලන්න ඔහු ආසයි කියලා. මෙසි මෙවර ලෝක කුසලානයේ පළමු තරඟයෙන්ම ගෝල ත්‍රිත්වයක් ලබාගෙන ක්ලොස්ගේ all time රෙකෝඩ් එක සමකරා. අද මෙසි ක්‍රීඩා කරන්න කලින් නව පරපුරේ හාලාන්ඩ් විසින් ගෝල 2 ක් ලබාගෙන තිබුණා. ඒ වගේම ප්‍රංශයේ එම්බප්පේ විසිනුත් ගෝල 2 ක් වාර්තා කරලා all time ලෝක කුසලාන ගෝල සටහනේ මෙසිව අභිබවා ගොස් සිටියා. නමුත් ඒ රෙකෝඩ් එකේ එම්බප්පේට සිටින්න හැකි වුණේ පැය 5 ක් වගේ විතරයි. මෙසි නැවත වරක් ඔහුව අභිබවා ඉන් පසුව ගර්ඩ් මුලර් සහ බ්‍රසීලයේ රොනල්ඩෝ නසාරියෝවද අභිබවා දැන් ලෝක කුසලාන all time ගෝල සටහනේ ක්ලෝස් හා සමව සිටිනවා. එම්බප්පේ අනිවාර්යෙන්ම මේ වාර්තාව හිමි කරගනිවි කාලයත් එක්ක.

මෙසිට වයස අවුරුදු 35 වෙද්දී තිබුණේ ලෝක කුසලාන ගෝල 6 ක් විතරයි. ඉතිරි ගෝල 10 ම වයස අවුරුදු 35 ක් පසුව වාර්තා කළ ඒවා. ඔහු අවසන් ලෝක කුසලාන තරඟ 5 දි පමණක් ලෝක කුසලාන ගෝල 8 ක් වාර්තා කර තිබෙනවා. සමහර ක්‍රීඩකයන් ලෝක කුසලාන තරඟවලි 5 ක්, තරඟ 20+ වැඩි ක්‍රීඩා කරලත් ලබා තිබෙන්නේ ගෝල 8 ක් විතරයි. මෙසිගේ ලෝක කුසලාන ගෝල 16 න් 4 ක් පෙනල්ටි ගෝල වන අතර 6 ක්ම Outside the box දුරස්ථ ගෝල. මෙසි ඇල්ජීරියාවට එරෙහිව ගෝල රැස් කිරීමත් එක්ක ඔහු ලෝක කුසලානවල වැඩිම රටවල් ගණනකට එරෙහිව ගෝල රැස් කළ ක්‍රීඩකයා බවට පත් වුණා. ඒ රටවල් 11 කට එරෙහිව.මෙසි අද ජයගත්තේ සිය 17 වැනි ලෝක කුසලාන තරඟ ජය. ඒ අනුව මෙසි සහ ක්ලෝස් වැඩිම ලෝක කුසලාන ජයග්‍රහණයන් ලබාගත් සටහනේත් පළමු තැන ඉන්නවා.

තරඟයේ වීරයා සම්මානය මෙසි ලෝක කුසලානයක හිමි කරන්නේ 12 වැනි වතාවට. වෙන කිසිම ක්‍රීඩකයෙක් අඩුම තරමේ ලෝක කුසලාන තරඟයේ වීරයා සම්මාන 10 ක් වත් හිමි කරගෙන නැහැ. තරඟය ගැන කතා කරොත් සමහර කෙනෙක් හිතන්න පුළුවන් ඇල්ජීරියාව කියන්නේ පොඩි ටිම් එකක් කියලා. ඇල්ජීරියාව වර්ල්ඩ් රැන්ක් වල අංක 28 ඉන්නේ. අනිත් එක ලෝක කුසලානවලදී ලොකු පොඩි ටිම් කියලා ඒව නැහැ. අපි දැකලා තියෙනවා ඕන තරම් නම් දරාපු ටොප් ටිම් බොහෝ පහළ රෑන්ක් වල ඉන්න ටිම් ඉස්සරහ ඇඹරෙනවා. 2022 ආජන්ටිනාව පළමු තරඟයම සෞදි අරාබියට පරාජය වුණා මතක ඇති. ඒ නිසා කිසිම කණ්ඩායමක් අවතක්සේරු කරන්න බැහැ. අනිත් එක ඇල්ජීරියාව එන්නේ හොඳ විනින් රෙකෝඩ් එකක් තියාගෙන.

අද මෙසිගේ ස්පොට් ලයිට් එක නිසා ආජන්ටිනා ක්‍රීඩකයන්ගේ සහ කෝච් ස්කැලෝනිගේ දක්ෂතා වැහිලා ගියා කියලා මට හිතෙනවා. ආජන්ටිනා ක්‍රීඩකයන් ඉතාම විශ්වාසයකින් හොඳ flow එකක් එක්ක එකිනෙකා සමඟ හොඳ කෙමිස්ට්‍රි එකකින් ක්‍රීඩා කළා. එන්සෝ, De Paul නියමයි. ලිසන්ඩ්‍රෝ ඇතුළු අපේ බැක් එකක් සෑහෙන හොඳටම කළා. ඉදිරිපෙළ සහ මැදපෙල ක්‍රීඩකයන් අතර තිබෙන සම්බන්ධය නියමෙටම ස්කෑලෝනි බිල්ඩ් කරලා තියෙනවා. ඇතැම් අවස්ථාවල ඔවුන් මැදපෙළට රොටෙට් වෙනවා.මෙසි වුණත් On paper ඉදිරිපෙළ ක්‍රීඩා කරාට අද ඔහු ගොඩක් deep එකේ සෙල්ලම් කරා. ඒ වගේම ඔහු defense කරන්නත් සෑහෙන උත්සාහයක් දැරුවා. ස්කැලෝනිගේ සිස්ටම් එකට ආජන්ටිනාවේ වගේ එකිනෙකා අතර හොඳ කෙමිස්ට්‍රි එකක් තියෙන ක්‍රීඩකයෝ ටිකක් ඉන්න ඕන. කොච්චර දක්ෂ වුණත් නැතිනම් තරඟ දිනන්න බැ. ඒකත් අගය කළ යුතුමයි. ආජන්ටිනාවේ පහුගිය වසර කීපයෙ නියමුවා ස්කැලෝනි. ආයෙත් මෙසි පැත්තට ආවොත් මෙසි කියන්නේ ලෝක කුසලාන ඉතිහාසයේ රෙකෝඩ් බොහොමයක් තියලා සහ 39 හැවිරිදි වියේදී තවමත් වාර්තා තියමින් ඉන්න ක්‍රීඩකයෙක්.

1966 OPTA Record ගණනය කරන වසරේ සිට ලෝක කුසලාන වාර්තාවන් :

ලෝක කුසලානවල වැඩිම ගෝල : 16*

ලෝක කුසලානවල වැඩිම ගෝල සහායක (Assists) :-8*

ලෝක කුසලානවල වැඩිම ගෝල දායකත්වයන් :- 24*

ලෝක කුසලාන වල වැඩිම Outside The Box ගෝල :- 6*

ලෝක කුසලානවල වැඩිම තරඟ ගණනක් ක්‍රීඩා කළ :- 27*

ලෝක කුසලානවල වැඩිම තරඟ ගණනක් ජයග්‍රහණය කළ :- 17*

ලෝක කුසලානවල වැඩිම රටවල් ගණකට එරෙහිව ගෝල රැස් කළ :- 11* Countries

ලෝක කුසලානවල වැඩිම Big Chances ගණනක් නිර්මාණය කළ :- 16* BCC

ලෝක කුසලානවල වැඩිම Key Passes ගණනකින් දායකත්වය සැපයූ :- 77* KP

ලෝක කුසලානවල වැඩිම සාර්ථක Dribbles සංඛ්‍යාවක් සිදුකළ :- 112*

ලෝක කුසලානවල වැඩිම Shots එල්ල කළ :- 111* Shots

ලෝක කුසලානවල වැඩිම Shots on target සිදුකළ :- 50* On Target

ලෝක කුසලානවල වැඩිම නිරවද්‍ය Passes ගණනක් ප්‍රතිවාදී පිළේ අර්ධයට යොමු කළ :- 914* Accurate Passes

ලෝක කුසලානවල වැඩිම Man Of The Match සම්මාන :- 12* MOTMs

ලෝක කුසලානව තරඟාවලිවල වැඩිම Best Player Of The Tournament සම්මාන ලබාගත් ක්‍රීඩකයා :- 2x Golden Balls

ආජන්ටිනාව වෙනුවෙන් ලෝක කුසලානයක ගෝලයක් රැස් කළ ලාබාලතම සහ වයස්ගතම ක්‍රීඩකයා

ලෝක කුසලාන ඉතිහාසයේ Hat-Trick එකක් වාර්තා කළ වයස්ගතම ක්‍රීඩකයා

ලෝක කුසලාන 6 ක් ක්‍රීඩා කළ පළමු ක්‍රීඩකයා

ලෝක කුසලාන 5 ක ගෝල් රැස් කළ 2 වන ක්‍රීඩකයා

ලෝක කුසලාන 6 ක ගෝල දායකත්වයන් සඳහා දායක වූ පළමු ක්‍රීඩකයා

මේ මට මතක ටික. තව in detailed stats වගයක් තිබුණා. ඔතන වෙනස් වෙන්නේ Assists ගණන විතරයි. 1966 ඉඳන් වැඩිම Messi ගේ assists වැඩි වුණාට. Pele ට 1958 දි තව Assists 2 ක් එකතු වෙලා Pele ගේ Assists ගාන 10 ක් වෙනවා. OPTA ඒක ගන්නේ නැත්තේ 1966 න් පස්සේ නොවන නිසා. කොහොම වුනත් ඒකත් බොහෝ දුරට මේ ලෝක කුසලානයෙදී මෙසි බිඳ දමාවි. මේ stat වල හොඳටම පේනවා මෙසි ඇතැම් අවස්ථාවල Xavi ලෙවල් එකේ පාසර් කෙනෙක්, Playmaker කෙනෙක් සතු වාර්තා පවා තමන් සතු කරගෙන කියලා.ඒ වගේම මරදෝනා ලෙවල් එකේ වාර්තාත් මෙසි සතු වෙද්දී ගෝල් ස්කෝරින් රෙකෝඩ් එකකුත් තියෙනවා. ගොඩක් අය හිතන්නේ ගෝල වාර්තා කරන එක තමයි සුපිරිම කියලා. හිතන්න ගෝල රැස් කිරීම, පිටියන සැකැසීම සහ ගෝල් රැස් කිරීමට අවශ්‍ය ගෝල නිර්මාණය කිරීම කියන ප්‍රධාන Role 3 ම කරන එක ක්‍රීඩකයෙක් ගැන. මෙසි කියන්නේ අන්න එහෙම ක්‍රීඩකයෝ 3 දෙනෙක් කරන විවිධ කාර්ය 3 ක් එකවර කරන්න පුළුවන් ක්‍රීඩකයෙක්. මේක අතිශයෝක්තියක් නෙමෙයි. මේක data සහ stats එක්කම මීට කලින් දාලා තියෙනවා.

Mbappe කාලයත් සමඟ මෙසිගෝ ගෝල වාර්තාව බිඳ දමනවා. නමුත් ඔහුට හැකි වෙන්නේ නෑ මෙසි ලෝක කුසලානවල මේ විදියට හැම අංශයෙන්ම dominate කරා වගේ කරන්න. මෙසි, මරදෝනා වගේ ක්‍රීඩකයන්ට පුළුවන් කණ්ඩායමක් ජයග්‍රහණය සඳහා රැගෙන යන්න. ඒකට ගෝල වලින් බැරි නම් ගෝල නිර්මාණය කිරීමෙන්, අනිත් අයට නොපෙනන අවස්ථාවලින් කණ්ඩායම ඉහළට ගෙනියන්න පුළුවන්.හැම ගෝල් ස්කොර් කරන ක්‍රීඩකයෙක්ටම එහෙම හැකියාවක් නැහැ. එහෙම ඉන්නේ ඉතාම කලාතුරකින්. ඒ හිටියත් මෙසි වගේ කාලාන්තරයක් පුරා එක දිගට ඒ දේ කරන ක්‍රීඩකයෝ ඉතාම අඩුයි. නැතිම තරම්. මරදොනාටවත් එහෙම බැරි වුණා.මෙසි දක්ෂයෙන්ගෙත් දක්ෂ Footballing God වෙන්නේ ඒ නිසයි. මෙසි තව දවස් 7 කින් 39 වියට පා තබනවා. ෆුට්බෝල් වලදී 39 හැවිරිදි වියේදී දක්ෂ ලෙස වයස අවුරුදු විසි ගණන්වල තරුණ ක්‍රීඩකයන් සමඟ කරට කර ක්‍රීඩා කරනවා කියන්නේ ආයේ අමුතුවෙන් ඒ පුද්ගලයා ගැන කියන්න අවශ්‍ය නැහැ. මෙසි අද තමයි පළමු වරට Sofascore Rating වල 10/10 Golden Star එකක් ලබාගන්නේ.

Stats say Messi is better. Eye test says Messi is better. Football IQ says Messi is better.When every argument points in one direction, the answer is simple. Leo Messi is miles ahead

Messi Vs Algeria Today: - 3 Goals

- 6 Shots- 4 Shots on target- 2 Key Passes

- 81% Accurate Passes

- 83% Accurate Passes in Opposition Half

- 77% Accurate Passes in Own Half

- 7 Passes into Final 3rd

- 57 Touches

- 25 Carries (252.3m)

- 7 Progressive Carries (125.9m)

- 3 Defensive Contributions

- 2/2 Tackles Won

- 1 Clearances

- 3 Recoveries

- 3 Ground Duels Won

- 10/10 Golden Star Sofascore Rating

- 9.7 FotMob Rating

- Man Of The Match

2026 FIFA World Cup

Group J, R1 FT :- Argentina v Algeria

3 - 0

Kansas City, USA

Admin: Pasindu Herath