Veteran actor Saman Almeida passes away

Veteran actor Saman Almeida passes away

Yes Boss ටෙලි කතා මාලාවේ පිංතු චරිතය හරහා අතිශය ජනප්‍රියත්වයට පත් වූ ප්‍රවීණ රංගන ශිල්පී සමන් අලෙමේදා මහතා අද උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා. බොහෝ කාලයක් පුරා පිළිකා රෝගයෙන් දැඩි ලෙස පීඩා විඳිමින් ඊට ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා මෙලෙස අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වන්නේ.

දශක ගණනාවක් පුරා ශ්‍රී ලාංකේය කලා ක්ෂේත්‍රය තුළ සිය හාස්‍යෝත්පාදක රංගනයෙන් ප්‍රේක්ෂකයින් පිනවූ ඔහු, මෙරට ප්‍රේක්ෂකයින්ගේ මතකයේ සදා රැඳෙන චරිත රැසකටම සිය රංගන දායකත්වය ලබා දී තිබෙනවා. ප්‍රේක්ෂකයින්ට නිරන්තරයෙන් සිනහව ගෙන ආ ඔහුගේ මෙම වියෝව සමස්ත කලා ක්ෂේත්‍රයටම දැඩි පාඩුවක් වනු නොඅනුමානයි.