
Beating Chris Evans, BTS member Jeon Jung Kook named most handsome man alive 2026
Hollywood නළු Chris Evans පරදවමින් BTS සමාජික Jung Kook ලොව ජීවත්ව සිටින කඩවසම්ම පිරිමියා ලෙස තේරි පත් වෙයි.
හොලිවුඩ් නළු Chris Evans ව පරාජයට පත් කරමින්, ලොව පුරා අතිශය ජනප්‍රිය දකුණු කොරියානු BTS සංගීත කණ්ඩායමේ සාමාජිකයෙකු වන Jeon Jung-kook, Netizens Choice Magazine විසින් පවත්වන ලද ගෝලීය ඡන්ද විමසීමකින් ලොව ජීවත්ව සිටින කඩවසම්ම පිරිමියා හෙවත් “Most Handsome Man Alive 2026” ලෙස තේරී පත්වී තිබෙනවා. ඔහු මෙම ජයග්‍රහණය හිමිකරගෙන ඇත්තේ ඡන්ද මිලියන 31 කට අධික දැවැන්ත ඡන්ද ප්‍රමාණයක් ලබාගනිමිනි.
Netizens Choice වෙබ් අඩවිය, ජංගම යෙදුම සහ 𝕏 සමාජ මාධ්‍ය වේදිකාව ඔස්සේ මාස කිහිපයක් පුරා පැවති මෙම ඡන්ද විමසීමේදී ලොව පුරා විසිරී සිටින රසිකයින්ගේ දැවැන්ත සහයෝගය ඔහු වෙත හිමිව තිබෙනවා. ඔහු මෙම සම්මානය දිනාගත් දෙවන අවස්ථාව මෙය වන අතර, මීට පෙර 2023 වසරේදී ද මෙම ගෞරවය හිමිකර ගැනීමට ඔහු සමත් වුණා. මෙම ලැයිස්තුවේ දෙවන ස්ථානය Zhang Zhehan විසින් ද, තෙවන ස්ථානය BTS කණ්ඩායමේම සාමාජිකයෙකු වන V හෙවත් Kim Taehyung විසින් ද හිමිකරගෙන තිබෙනවා.
මෙම නාමයෝජනා අතර සුපිරි හොලිවුඩ් නළු Chris Evans ඇතුළු ප්‍රකට තරු රැසක් නම් කර තිබුණ ද, ඔවුන් සියලු දෙනාම පසුපසට ඇද දමමින් විශාල ඡන්ද පරතරයකින් පෙරමුණ ගැනීමට Jeon Jungkook සමත් වීම විශේෂත්වයක්. මෙම ජයග්‍රහණය සැමරීම වෙනුවෙන් ඇමරිකාවේ New York හි Times Square හි විශේෂ ප්‍රවර්ධන ප්‍රදර්ශනයක් සහ රථ පෙළපාලියක් සංවිධානය කිරීමට ද Netizens Choice Magazine කටයුතු කර තිබෙනවා.

Discussion
No comments yet — start the conversation.