The Nepal government has introduced new Education Regulations prohibiting schools from forcing students to cut their hair against their will.

The Nepal government has introduced new Education Regulations prohibiting schools from forcing students to cut their hair against their will.

පාසල් සිසුන්ගේ කැමැත්තෙන් තොරව ඔවුන්ගේ කොණ්ඩය කැපීමට බල කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කරමින් නේපාල රජය විසින් නව අධ්‍යාපන රෙගුලාසි මාලාවක් හඳුන්වා දී තිබෙනවා.

මෙම නව නීති මාලාව යටතේ සිසුන්ගේ ශාරීරික, මානසික හෝ මනෝ-සමාජීය යහපැවැත්මට හානි විය හැකි ඕනෑම ආකාරයක ක්‍රියාවන් පාසල් තුළ සිදු කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබීම විශේෂත්වයක්. සිසුන්ගේ අයිතිවාසිකම් සහ ඔවුන්ගේ මානසික නිදහස ආරක්ෂා කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.