
Legendary Hollywood actor Tim Curry passes away at the age of 80
The Rocky Horror Picture Show චිත්‍රපටයේ Dr. Frank-N-Furter ලෙසත්, 1990 වසරේ නිකුත් වූ It කතාමාලාවේ Pennywise නම් විකටයා (Clown) ලෙසත් රංගනයෙන් දායක වෙමින් ලොව පුරා ප්‍රේක්ෂකයින්ගේ දැඩි ආදරය දිනාගත් අතිශය ජනප්‍රිය හොලිවුඩ් රංගන ශිල්පී Tim Curry අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඔහුගේ වයස අවුරුදු 80 ක්.
විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඔහු පසුගිය අඟහරුවාදා රාත්‍රියේ ඇමරිකාවේ Los Angeles හි පිහිටි සිය නිවසේදී මෙලෙස අභාවප්‍රාප්ත වී තිබෙනවා. 2012 වසරේදී ඇති වූ ආඝාත (Stroke) තත්ත්වයක් හේතුවෙන් ඔහු පසුගිය දශකයකට වැඩි කාලයක් රෝද පුටුවකට සීමා වී සිටි අතර, ඔහුගේ මරණයට නිශ්චිත හේතුවක් මෙතෙක් නිල වශයෙන් නිවේදනය කර නැහැ. කෙසේ වෙතත් මරණය සම්බන්ධයෙන් කිසිදු සැකකටයුතු තත්ත්වයක් නොමැති බවයි බලධාරීන් පවසන්නේ.
1946 වසරේ අප්‍රේල් 19 වනදා එංගලන්තයේ Cheshire හි උපත ලැබූ ඔහු, 1960 දශකයේ අගභාගයේදී Hair වේදිකා නාට්‍යය හරහා සිය රංගන දිවිය ආරම්භ කළා. ඉන් අනතුරුව Clue (1985), Legend (1985), Home Alone 2: Lost in New York (1992) සහ Muppet Treasure Island (1996) ඇතුළු අතිශය ජනප්‍රිය චිත්‍රපට රැසකටම සිය රංගන දායකත්වය ලබාදුන් ඔහු, Amadeus සහ Spamalot හි රංගනය වෙනුවෙන් Tony Award සම්මාන සඳහා ද නිර්දේශ වීමට සමත් වුණා. මීට අමතරව FernGully: The Last Rainforest සහ Star Wars: The Clone Wars වැනි නිර්මාණ රැසකට සිය හඬකැවීමෙන් දායක වූ ඔහු, පසුගියදා තිරගත වූ Stream (2024) චිත්‍රපටය හරහා ද යළිත් ප්‍රේක්ෂකයින් හමුවට පැමිණියා.
Discussion
No comments yet — start the conversation.