Telegram removed from the Apple App Store worldwide.

Telegram removed from the Apple App Store worldwide.

ලොව පුරා අතිශය ජනප්‍රිය පණිවිඩ හුවමාරු යෙදුමක් වන Telegram යෙදුම ලොව පුරා පිහිටි Apple App Store වෙතින් හදිසියේම ඉවත් කිරීමට Apple ආයතනය විසින් පියවර ගෙන තිබෙනවා.

කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව සිදුවූ මෙම ඉවත් කිරීමත් සමගින් අලුතින් Telegram යෙදුම ඩවුන්ලෝඩ් කරගැනීමට හෝ යාවත්කාලීන (update) කරගැනීමට iPhone සහ iPad පරිශීලකයින්ට මේ වන විට මේ වන විට හැකියාවක් නැහැ. කෙසේ වෙතත් මීට පෙර තම දුරකථනවලට ඩවුන්ලෝඩ් කරගෙන ඇති පරිශීලකයින්ට කිසිදු බාධාවකින් තොරව එය තවදුරටත් භාවිත කිරීමේ හැකියාව පවතිනවා.

මෙලෙස ලෝක ව්‍යාප්තව Telegram යෙදුම App Store වෙතින් ඉවත් කිරීම සඳහා නිශ්චිත හේතුවක් Apple ආයතනය හෝ Telegram ආයතනය විසින් මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශ කර නොමැති අතර, මෙය කිසියම් තාක්ෂණික දෝෂයක් ද නැතහොත් හිතාමතාම සිදුකළ දැවැන්ත ඉවත් කිරීමක් ද යන්න පිළිබඳව බොහෝ දෙනෙකු දැඩි අවධානයකින් පසුවනවා.