
Sri Lanka ranks third among countries most severely affected by the Middle East crisis
මැදපෙරදිග අර්බුදයේ ගෝලීය බලපෑම හේතුවෙන් දැඩි ආහාර අර්බුදයකට මුහුණ දෙන රටවල් අතර තුන්වන ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා. එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන හෙවත් World Food Program විසින් නිකුත් කළ නවතම නිල දත්ත මගින් මේ බව තහවුරු කෙරෙනවා.
මෙම දත්තයන්ට අනුව අදාළ අර්බුදයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇති රට ලෙස සෝමාලියාව පළමු ස්ථානයට පත්ව ඇති අතර ඒ හරහා එරට තුළ මිලියන 2.5ක ජනතාවක් අලුතින් කුසගින්නට ගොදුරු වී තිබෙනවා. එහි දෙවන ස්ථානය ඇෆ්ගනිස්ථානයට හිමිව ඇති අතර එම සංඛ්‍යාව මිලියන 2.3කි. ලැයිස්තුවේ තුන්වන ස්ථානයට පත්ව ඇති ශ්‍රී ලංකාව තුළ තවත් පුද්ගලයින් මිලියන 1.3ක් අලුතින් මෙම දැවැන්ත ආහාර අර්බුදයට මැදිවීමේ අවදානමක් පවතින බව අදාළ සංඛ්‍යාලේඛන ඍජුවම පෙන්වා දෙනවා.
ශ්‍රී ලංකාවේ බලශක්ති අවශ්‍යතාවයෙන් සියයට 63ක් මැදපෙරදිග කලාපයෙන් සපුරා ගැනීම මෙන්ම විදේශ ප්‍රේෂණ සහ තේ අපනයනය ද එම කලාපය මත දැඩිව රඳා පැවතීම මෙම තත්ත්වයට ප්‍රධාන වශයෙන් බලපා තිබෙනවා. අදාළ ගැටුම්කාරී තත්ත්වය ඉදිරියේදී යම්තාක් දුරකට සමනය වූවත්, ඉන්ධන මිල ඉහළ යාම සහ සැපයුම් දාමයන් බිඳවැටීම හේතුවෙන් ඉදිරි මාස කිහිපය තුළ මෙම අර්බුදය තවදුරටත් වර්ධනය වනු ඇති බවට WFP බලධාරීන් තරයේ අනතුරු අඟවනවා.
Discussion
No comments yet — start the conversation.