
Spider-Man: Brand New Day gets an IMAX release in South Korea
දකුණු කොරියාවේ IMAX සිනමා ශාලා The Odyssey චිත්‍රපටය ඉවත් කර Spider-Man: Brand New Day චිත්‍රපටය සඳහා අවස්ථාව ලබා දී තිබෙනවා. මීට පෙර එම දිනවලදී එරට IMAX තිරගත වීමට නියමිතව තිබූ The Odyssey චිත්‍රපටය අගෝස්තු 5 වෙනිදා දක්වා කල් දමා තිබෙනවා. කෙසේ වෙතත් දකුණු කොරියාව හැර ලොව පුරා අනෙකුත් සියලුම රටවල IMAX සිනමා ශාලා සම්පූර්ණයෙන්ම වෙන් කර ඇත්තේ The Odyssey චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම වෙනුවෙනි.
සාමාන්‍යයෙන් IMAX අත්දැකීම වෙනුවෙන්ම විශේෂයෙන් නිර්මාණය කළ චිත්‍රපටයක් මෙලෙස ඉවත් කර වෙනත් චිත්‍රපටයක් සඳහා අවස්ථාව ලබාදීම සිදු නොවන්නක්. IMAX සිනමා ශාලා මගින් මෙවැනි චිත්‍රපට සඳහා ප්‍රමුඛත්වය ලබා නොදීමේ ගැටලුවක් කලක සිට පවතින අතර, මෑතකදී Disney සමාගම විසින් Infinity Vision නමින් නවතම තාක්ෂණයක් හඳුන්වා දීමටද ප්‍රධාන වශයෙන් බලපෑවේ මෙම ගැටලුවයි. එසේ තිබියදීත් අනෙකුත් රටවලට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් වෙමින් Spider-Man: Brand New Day චිත්‍රපටයට දකුණු කොරියාව තුළ පමණක් මෙලෙස IMAX ප්‍රදර්ශන අවස්ථාවක් හිමිවීම සුවිශේෂී සිදුවීමක් බවට පත්ව තිබෙනවා.
Discussion
No comments yet — start the conversation.