Shirley Waijayantha issues strict warning for AI and unauthorized song use

Shirley Waijayantha issues strict warning for AI and unauthorized song use

ප්‍රවීණ ගායන ශිල්පී විශාරද ෂර්ලි වෛජයන්ත විසින් තම ගීත අනවසරයෙන් AI තාක්ෂණය භාවිතය කර විකෘති කිරීම සම්බන්ධයෙන් දැඩි නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ඔහුගේ කිසිදු ගීතයක් පෙර ලිඛිත අවසරයකින් තොරව AI තාක්ෂණය භාවිතයෙන් නිර්මාණය කරන ලද ගායන, AI හඬ අනුරූ, remix, cover versions, copy කිරීම් හෝ වෙනත් කිසිදු ආකාරයකින් භාවිත කිරීම, ප්‍රකාශයට පත් කිරීම හෝ බෙදාහැරීම සම්පූර්ණයෙන්ම තහනම් බව ඔහු අවධාරණය කර සිටිනවා.

මෙවැනි අනවසර භාවිතයන් හරහා සිය නිර්මාණවල ප්‍රකාශන අයිතිය සහ නිර්මාණාත්මක වටිනාකමට දැඩි හානියක් සිදුවන බවයි ඔහු පෙන්වා දෙන්නේ. එබැවින් යම් පුද්ගලයෙකු හෝ ආයතනයක් මෙම නීති උල්ලංඝනය කරමින් කටයුතු කරන්නේ නම්, ඔවුන්ට එරෙහිව කතුහිමිකම් පැමිණිලි, අන්තර්ගතය ඉවත් කිරීමේ ඉල්ලීම් මෙන්ම අවශ්‍ය වුවහොත් දැඩි නීතිමය ක්‍රියාමාර්ග පවා ගන්නා බවට ඔහු වැඩිදුරටත් අනතුරු අඟවා තිබෙනවා. සිය රසිකයන්ගේ දැඩි ඉල්ලීමක් මත මෙම තීරණය ගත් බවද ඔහු එහිදී සඳහන් කර තිබුණා.