
Sajith Premadasa recalls how Nanda Malini rejected his proposal to build a village in her name
අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ ගායිකා විශාරද ආචාර්ය නන්දා මාලිනී මහත්මියගේ නමින් උදා ගම්මානයක් ඉදිකිරීමට තමා කළ යෝජනාවක් ඇය විසින් එකහෙළාම ප්‍රතික්ෂේප කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසා තිබෙනවා.
ඇයගේ අභාවය සම්බන්ධයෙන් ශෝකය පළ කරමින් සහ සිය අතීත මතකයන් ආවර්ජනය කරමින් ඔහු සඳහන් කර ඇත්තේ, “මම දවසක් නන්දා මාලිනී මැතිනියට කිව්වා මගේ ආසාවක් තියෙනවා, ඔබතුමියගේ නමින් උදා ගම්මානයක් ඉදිකරන්න. එතකොට ‘එහෙම නම් දාන්න අවශ්‍ය නෑ’ කියලා ඇය මගේ යෝජනාව ප්‍රතික්ෂේප කළා” යනුවෙනි.
තමන්ගේ නමින් ගම්මානයක් ඉදිවනවාට පවා අකමැත්ත ප්‍රකාශ කළ ඇයගේ එම ක්‍රියාව හරහා, ඇය සතුව පැවති අතිශය නිහතමානී ගුණාංගය මනාව පිළිඹිබු වන බව ද ඔහු එහිදී වැඩිදුරටත් අවධාරණය කර තිබුණා.
Discussion
No comments yet — start the conversation.