Christopher Nolan rumored to supervise final edit of Ranbir Kapoor’s Ramayana

Christopher Nolan rumored to supervise final edit of Ranbir Kapoor’s Ramayana

ඉන්දියානු සිනමාවේ වැඩිම පිරිවැයක් දරා නිර්මාණය කරන Ramayana චිත්‍රපටයේ අවසන් සංස්කරණ කටයුතු අධීක්ෂණය කිරීම සඳහා ජනප්‍රිය ඔස්කාර් සම්මානලාභී හොලිවුඩ් අධ්‍යක්ෂක Christopher Nolan සම්බන්ධ වීමට නියමිත බවට නිළ නොවන ආරංචි මාර්ග සඳහන් කරනවා.

අදාළ චිත්‍රපටයේ නිෂ්පාදක Namit Malhotra විසින් මේ සඳහා ඔහුට ආරාධනා කර ඇති බවයි වාර්තා වන්නේ. The Odyssey චිත්‍රපටයේ ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන් Christopher Nolan මෑතකදී ඉන්දියාවට පැමිණි අවස්ථාවෙන් පසුව මෙම එකඟතාවයන් පිළිබඳව සාකච්ඡා කර ඇති බවටයි නිල නොවන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ. ඒ අනුව 2026 වසරේ නොවැම්බර් 8 වනදා තිරගත වීමට නියමිත මෙම චිත්‍රපටයේ පළමු කොටසේ සමස්ත ගුණාත්මකභාවය ඔප්නැංවීම සඳහා සති කිහිපයක් පුරාවට Christopher Nolan විසින් මෙලෙස සිය දායකත්වය ලබාදෙනු ඇති බවට තොරතුරු පළ වනවා. The Odyssey, Oppenheimer, Inception සහ Interstellar දැවැන්ත සහ සාර්ථක චිත්‍රපට අධ්‍යක්ෂණය කළ ඔහුගේ මෙම එකතු වීම Ramayana චිත්‍රපටයට විශාල වටිනාකමක් එක් කරනු ඇති බවට රසිකයන් පෙන්වා දෙනවා.

මෙම දැවැන්ත චිත්‍රපටය පිළිබඳව මේ වන විටත් ලොව පුරා ප්‍රේක්ෂකයින් තුළ විශාල උද්‍යෝගයක් නිර්මාණය වී තිබෙනවා. කෙසේ වෙතත් නිෂ්පාදක පාර්ශ්වය හෝ අධ්‍යක්ෂවරයා විසින් මේ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු නිල නිවේදනයක් නිකුත් කර නොමැති අතර, මෙය මේ වන විට හුදෙක් සිනමා ක්ෂේත්‍රය තුළ පැතිර යන නිල නොවන ආරංචියක් පමණක් බව ද අවධාරණය කළ යුතුයි.