Pluribus has been nominated for 18 Emmys.

Pluribus has been nominated for 18 Emmys.

Apple TV+ ඔස්සේ විකාශය වූ අතිශය ජනප්‍රිය විද්‍යා ප්‍රබන්ධ (Sci-Fi) කතාමාලාවක් වන Pluribus, මෙවර Emmy සම්මාන උළෙලේදී සම්මාන 18ක් සඳහා නිර්දේශ වී තිබෙනවා. ලොව නිර්මාණය වූ හොඳම කතාමාලව ලෙස බොහෝ දෙනෙකු පිළිගන්නා Breaking Bad කතාමාලාවේ නිර්මාතෘ Vince Gilligan ගේ නිර්මාණයක් වන මෙය, මෙවර ‘හොඳම නාට්‍ය කතාමාලාව’ කාණ්ඩයට අමතරව රංගන ශිල්පීන් පස්දෙනෙකුම (ප්‍රධාන නිළිය ලෙස Rhea Seehorn ද ඇතුළුව) සම්මාන සඳහා නිර්දේශ කරගැනීමට සමත් වී ඇත. මීට අමතරව අධ්‍යක්ෂණය, රචනය සහ සංස්කරණය වැනි ප්‍රධාන තාක්ෂණික අංශ රැසකින්ද මෙම කතාමාලාව පෙරමුණ ගෙන තිබෙනවා.

නිර්දේශ වී ඇති කාණ්ඩ:

(1) හොඳම නාට්‍ය කතාමාලාව (Best Drama Series)

(2) හොඳම ප්‍රධාන නිළිය (Best Lead Actress - Rhea Seehorn)

(3) හොඳම සහය නළුවා (Best Supporting Actor - Carlos-Manuel Vesga)

(4) හොඳම සහය නිළිය (Best Supporting Actress - Karolina Wydra)

(5) හොඳම ආරාධිත නළුවා (Best Guest Actor - Jeff Hiller)

(6) හොඳම ආරාධිත නිළිය (Best Guest Actress - Miriam Shor)

(7) හොඳම නාට්‍ය නළු නිළි තේරීම (Best Drama Casting)

(8) හොඳම නිෂ්පාදන සැලසුම (Best Production Design)

(9) හොඳම කැමරාකරණය (Best Cinematography)

(10) හොඳම නාට්‍ය අධ්‍යක්ෂණය (Best Drama Directing)

(11) හොඳම සංස්කරණය (Best Editing - නිර්දේශ 3ක්)

(12) හොඳම සංගීත නිර්මාණය (Best Music Composition)

(13) හොඳම ප්‍රධාන තේමා සංගීතය (Best Main Title Theme Music)

(14) හොඳම සංගීත අධීක්ෂණය (Best Music Supervision)

(15) හොඳම ශබ්ද මිශ්‍රණය (Best Sound Mixing)

(16) හොඳම නාට්‍ය රචනය (Best Drama Writing)