Norwegian Air changes Instagram logo to British Airways logo after losing World Cup bet

Norwegian Air changes Instagram logo to British Airways logo after losing World Cup bet

මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය යටතේ එංගලන්තය සහ නෝර්වේ කණ්ඩායම් අතර පැවති තීරණාත්මක තරගයට සමගාමීව ගුවන් සේවා සමාගම් දෙකක් අතර අපූරු ඔට්ටුවක් ක්‍රියාත්මක වී තිබෙනවා. ඒ අනුව Norwegian Air සමාගම සහ British Airways සමාගම Instagram මාධ්‍යය ඔස්සේ එකඟ වී තිබුණේ, මෙම තරගයෙන් තම මව් රට පරාජයට පත්වුවහොත් පරාජිත සමාගමේ Instagram ගිණුමේ නිල ලාංඡනය පැය 24 ක් පුරාවට ජයග්‍රාහී සමාගමේ ලාංඡනයට මාරු කරන බවටයි.

ඒ අනුව ඊයේ පැවති මෙම තරගයෙන් Norway කණ්ඩායම පරාජය කරමින් ජයග්‍රහණය වාර්තා කිරීමට England කණ්ඩායම සමත් වුණා. ඒ සමඟම සිය ඔට්ටුවට ගරු කරමින් Norwegian Air සමාගම සිය නිල Instagram ගිණුමේ ලාංඡනය British Airways ලාංඡනය ලෙසට වෙනස් කිරීමට මේ වන විට පියවර ගෙන තිබෙනවා. එසේම ඔවුන් එංගලන්ත කණ්ඩායමට සහ British Airways සමාගමට සුබපැතුම් එක් කරමින් විශේෂ සටහනක්ද පළ කර තිබෙනවා. මෙම අභියෝගය මුලින්ම කර ඇත්තේ Norwegian Air සමාගම විසින් වීමද විශේෂත්වයක් වන අතර එහිදී British Airways සමාගම ඔවුන්ට ප්‍රතිචාර දක්වා තිබුනේ “ඔට්ටු අල්ලන්න එපා ඔයාලට දිනන්න බෑ” ලෙස වන අතර, මුලින්ම අභියෝග කල Norwegian Air සමාගම පරාජයට පත් වීමද හාස්‍යට කරුනකි.

මෙම ගුවන් සේවා සමාගම් දෙක අතර පැවති මෙම සුහදශීලී ඔට්ටුව සහ අභියෝග කිරීම් ලොව පුරා පාපන්දු රසිකයින් මිලියන ගණනකගේ දැඩි අවධානයට ලක්වූ අතර, සෙසු ගුවන් සේවා සමාගම්ද මීට ප්‍රතිචාර දැක්වීම හරහා මෙය අතිසාර්ථක සමාජ මාධ්‍ය ප්‍රවර්ධන ක්‍රියාවලියක් බවට පත් විය.