
MrBeast receives an exclusive custom play button for 500 million subscribers
පසු ගියදා MrBeast විසින් සිය නිල YouTube නාලිකාවේ ග්‍රාහකයින් මිලියන 500 සීමාව පසු කිරීම වෙනුවෙන් ඔහු වෙනුවෙන්ම සුවිශේෂීව නිර්මාණය කරන ලද විශේෂ Custom Play Button සම්මානය පිරිනමා තිබෙනවා. ඔහු වෙත මෙය නිල වශයෙන් පිරිනමා ඇත්තේ YouTube ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී (CEO) Neal Mohan විසිනුයි.
මීට පෙරද මිලියන සීමාවන් පසු කිරීමේදී ඔහුගේ ලාංඡනය වන කොටියාගේ හැඩයට නිර්මාණය කළ විශේෂ සම්මාන ඔහුට හිමි වූ අතර, මෙවර ලබා දුන් සම්මානයද ඒ අයුරින්ම වෙනස්ම මුහුණුවරකින් නිර්මාණය කර තිබීම විශේෂත්වයක්.
Discussion
No comments yet — start the conversation.