
MrBeast marries longtime girlfriend Thea Booysen in a private ceremony
ලොව පුරා අතිශය ජනප්‍රිය යූටියුබ් නිර්මාණකරුවෙකු වන MrBeast හෙවත් Jimmy Donaldson සිය දීර්ඝ කාලීන පෙම්වතිය වූ Thea Booysen සමඟ විවාහ වී ඇති බව මේ වන විට නිල වශයෙන් තහවුරු කර තිබෙනවා. ප්‍රකට ව්‍යාපාරික Richard Branson ට අයත් පුද්ගලික දූපතක් වන Necker Island හිදී මෙම මංගල උත්සවය පවත්වා ඇති අතර, ඒ සඳහා ඔවුන්ගේ පවුලේ ළඟම හිතවතුන් සහ යහළුවන් 70 දෙනෙකු පමණක් සහභාගී වී ඇති බවයි වාර්තා වන්නේ.
සාමාන්‍ය උත්සවයකට පමණක් සීමා නොවී, සතියක කාලයක් පුරාවට snorkeling සහ kitesurfing වැනි විවිධ ක්‍රියාකාරකම් සමඟින් ඔවුන් මෙම මංගල්‍යය සමරා තිබෙනවා. උත්සවයෙන් අනතුරුව අද දින MrBeast ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුම්වල "I found MrsBeast and it was the best day of my life" යනුවෙන් සටහනක් තබමින් පිංතූර එකතුවක් පල කර තිබෙනවා.
2022 වසරේදී දකුණු අප්‍රිකාවේදී පළමු වරට හමුවූ මොවුන් දෙදෙනා 2024 වසරේ නත්තල් දිනයේදී ගිවිසගනු ලැබුවා. අනවශ්‍ය ප්‍රසිද්ධියෙන් තොරව තම ජීවිතයේ මෙම විශේෂ දිනය අතිශය පෞද්ගලිකව සැමරීමට ඔවුන් කලින් සිටම තීරණය කර තිබූ බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
Discussion
No comments yet — start the conversation.