MrBeast becomes the first person in YouTube history to surpass 500 million subscribers

MrBeast becomes the first person in YouTube history to surpass 500 million subscribers

ලොව පුරා අතිශය ජනප්‍රිය යූටියුබ් තරුවක් වන MrBeast සිය YouTube නාලිකාවේ ග්‍රාහකයන් මිලියන 500 දැවැන්ත සීමාව පසුකර යාමට සමත් වී තිබෙනවා. මේ සමඟින් ලෝක YouTube ඉතිහාසය තුළ මෙවැනි අතිවිශාල ග්‍රාහකයන් ප්‍රමාණයක් ලබාගත් ලොව පළමු සහ එකම පුද්ගලයා බවට පත්වීමට Jimmy Donaldson හෙවත් MrBeast හට හැකියාව ලැබී තිබෙනවා.

ඔහු විසින් මෙම ඓතිහාසික අවස්ථාව සජීවීව සිය රසිකයන් සමගින් සමරා ඇති අතර අදාළ සජීවී විකාශය සඳහා ලක්ෂ 6ට අධික ප්‍රේක්ෂකයන් පිරිසක් එකවර සම්බන්ධ වී සිටි බව ද ජාත්‍යන්තර මාධ්‍ය තවදුරටත් තහවුරු කර සිටිනවා. පැය එකහමාරකට ආසන්න කාලයක් පුරාවට මෙම සජීවී විකාශය පැවැත්වී තිබෙනවා. මීට පෙරද ලොව වැඩිම ග්‍රාහකයන් පිරිසක් සිටින නාලිකාව මෙන්ම වැඩිම ග්‍රාහකයන් පිරිසක් සිටින පුද්ගලයා ලෙසද ඔහු වාර්තා අතරට එක්ව සිටියා.

MrBeast හෙවත් James Stephen Donaldson YouTube හි ඔහුගේ නාලිකාව ආරම්භ කරන ලද්දේ ඔහු 13 වියේ පසු වන විට 2012 වසරේ වන අතර ග්‍රාහකයන් 100,000 සීමාව පසු කරන ලද්දේ 2016 වසරේදීය.

MrBeast ග්‍රාහකයන් ප්‍රමාණය ලබාගත් වසරවල්

ග්‍රාහකයින් 100,000 2016

ග්‍රාහකයින් 1,000,000 2017

ග්‍රාහකයින් 10,000,000 2018

ග්‍රාහකයින් 50,000,000 2021

ග්‍රාහකයින් 100,000,000 2022

ග්‍රාහකයින් 200,000,000 2023

ග්‍රාහකයින් 300,000,000 2024

ග්‍රාහකයින් 400,000,000 2025

ග්‍රාහකයින් 500,000,000 2026

ඒ වගේම 2023 වසරේ පෙබරවාරි මස MrBeast විසින් ඇසේ සුද හේතුවෙන් පෙනීම අහිමව සිටි පුද්ගලයන් 1000ට තම වියදමින් සුද ඉවත් කිරීමේ සැත්කමද කිරීමට යෙදුන අතර ඔහු විසින් YouTube ඔස්සේ උපයන ධනය සුභසාධන කටයුතු සඳහා වෙන් කර තිබෙනවා.