Michael becomes the highest grossing musical biopic surpassing Bohemian Rhapsody

Michael becomes the highest grossing musical biopic surpassing Bohemian Rhapsody

ඇ.ඩො මිලියන 911.9ක ආදායමක් ලබාගනිමින් Michael Jackson ගේ ජීවිත කතාව ඇසුරෙන් නිර්මාණය වූ Michael චිත්‍රපටය මෙතෙක් ලොව වැඩිම ආදායමක් ඉපැයූ සංගීතමය චරිතාපදාන චිත්‍රපටය බවට පත් වෙයි.

මීට පෙර මෙම දැවැන්ත සිනමා වාර්තාවට වසර 8ක් පුරා හිමිකම් කියනු ලැබුවේ ඇ.ඩො මිලියන 910.8 ආදායමක් ලබාගත් සුප්‍රකට Queen සංගීත කණ්ඩායමේ අග්‍රගන්‍ය ගායක Freddie Mercury ගේ ජීවිතය අලලා නිර්මාණය වූ 2018 වසරේ නිකුත් වූ Bohemian Rhapsody චිත්‍රපටයයි. වසර ගණනාවක් පුරාවට ලෝක සිනමාව තුළ අභියෝගයට ලක් නොවී පැවති එම වාර්තාව බිඳ හෙලීමට Michael චිත්‍රපටය මේ වන විට සමත්ව තිබෙනවා.

ඇ.ඩො මිලියන $976ක ආදායමක් ලබාගනිමින් ලොව වැඩිම ආදායමක් ලද චරිතාපදාන චිත්‍රපටය ලෙස ඇති Christopher Nolan අධ්‍යක්ෂණය කල 2023 වසරේ නිකුත් වූ Oppenheimer චිත්‍රපටයේ වාර්තාව බිඳ හෙලීමට Michael හට හැකි වෙයිද?