Massive GTA VI pre-order hype triggers global console shortages

Massive GTA VI pre-order hype triggers global console shortages

ලොව පුරා අතිශය ජනප්‍රිය GTA VI වීඩියෝ ක්‍රීඩාව සඳහා පෙර ඇණවුම් කිරීම් (pre-orders) ආරම්භ වීමත් සමඟ ප්‍රධාන පෙළේ වෙළෙඳසැල් රැසක කන්සෝල් තොග සීඝ්‍රයෙන් අවසන් වෙමින් පවතිනවා. Amazon වෙබ් අඩවිය හරහා නිකුත් කළ PS5 සහ Xbox කන්සෝල් තොග මිනිත්තු කිහිපයක් ඇතුළත සම්පූර්ණයෙන්ම විකිණී අවසන් වූ අතර නෙදර්ලන්තයේ MediaMarkt ආයතනයේද PS5 තොග ඉතා ඉක්මනින් අවසන් වී තිබෙනවා, ඉන්දියාව ඇතුළු රටවල් රැසක මාර්ගගත වෙළෙඳසැල්වල PS5 කන්සෝල් සම්පූර්ණයෙන්ම අවසන් වී තිබෙනවා. එමෙන්ම Xbox සඳහාද මේ වන විට ඉතා ඉහළ ඉල්ලුමක් පවතිනවා.

2026 නත්තල් නිවාඩු කාලය දක්වා PS5 නිෂ්පාදනය ස්ථාවරව පවත්වා ගන්නා බව Sony සමාගම ප්‍රකාශ කර ඇති අතර, Microsoft සමාගමද Xbox නිෂ්පාදනය ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා. කෙසේ වෙතත් GTA VI සඳහා පවතින අතිදැවැන්ත උන්මාදය නිසා ඇති වී තිබෙන මෙම දේශීය තොග හිඟය ඉදිරියේදී තවදුරටත් උග්‍ර වනු ඇති බවට ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් අනතුරු අඟවනවා.