Man dressed as Grim Reaper arrested for climbing onto hospital roof and staring at patients

Man dressed as Grim Reaper arrested for climbing onto hospital roof and staring at patients

වේල්සයේ පිහිටි රෝහලක වහලයක් මතට Grim Reaper අන්දමින් සැරසී නැග, එහි සිටි රෝගීන් සහ කාර්ය මණ්ඩලය දෙස බලා සිටි 26 හැවිරිදි තරුණයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම අමුතු සිදුවීම වාර්තා වී ඇත්තේ Denbighshire හි පිහිටි Ysbyty Glan Clwyd රෝහලෙන් වන අතර, Leon Gillespie නම් මෙම තරුණයා අත දිගු තලයක් සහිත ආයුධයක් වැනි යමක් ද තිබී ඇති බවයි වාර්තා වන්නේ. අදාළ සිදුවීම පාලනය කිරීම සඳහා North Wales පොලීසිය සහ ගිනි නිවන භටයින්ට ද එම ස්ථානයට පැමිණීමට සිදුවී ඇති අතර, විනාඩි 50 කට ආසන්න කාලයක් මෙම කලබලකාරී තත්ත්වය පැවතී තිබෙනවා.

කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව රෝහල් පරිශ්‍රයක මහජන පීඩාවක් ඇති කිරීමේ චෝදනාව යටතේ මොහුට එරෙහිව නඩු පවරා ඇති අතර, එහිදී ඔහු සිය වරද පිළිගැනීම හේතුවෙන් Llandudno මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඔහුට පවුම් 200 ක දඩයක් මෙන්ම තවත් වන්දි මුදල් කිහිපයක් ද ගෙවන ලෙස නියෝග කර තිබෙනවා. මීට අමතරව ඔහු Pets at Home සහ Sainsbury's යන වෙළඳසැල්වලින් භාණ්ඩ සොරකම් කිරීමේ චෝදනා ද පිළිගෙන ඇති බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ.