Katy Perry got stuck in a giant bottle during a concert performance

Katy Perry got stuck in a giant bottle during a concert performance

ජනප්‍රිය ගායන ශිල්පිනි Katy Perry ඇයගේ සජීවී ප්‍රසංගයක් අතරතුරදී දැවැන්ත බෝතලයක් තුළට වී ප්‍රේක්ෂකයින් අතරින් ගමන් කිරීමට උත්සාහ කිරීමේදී සිදුවූ අපූරු අකරතැබ්බයක් මේ වන විට අන්තර්ජාලය පුරා ජනප්‍රිය වෙමින් පවතිනවා.

Isle of MTV Malta ප්‍රසංගයේදී සිය ගායනයක් අතරතුර වේදිකාවෙන් පහළට පැමිණි ඇය, මෙම විනිවිද පෙනෙන දැවැන්ත ප්ලාස්ටික් බෝතලය තුළට ඇතුළු වී ප්‍රේක්ෂකයින්ගේ ආධාරයෙන් සෙනඟට ඉහළින් නැවතත් වේදිකාව දෙසට ගමන් කිරීමට සැලසුම් කර තිබුණා. එහෙත් එහි සිටි රසිකයින් විසින් ඇයව වේදිකාව දෙසට යොමු කරනවා වෙනුවට සෙනඟ අතරම තබාගනිමින් වෙනත් දිශාවන්ට තල්ලු කිරීම හේතුවෙන් ඇයට නැවතත් වේදිකාවට පැමිණීමට නොහැකිව ප්‍රේක්ෂකයින් මැද සිරවී සිටීමට සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මෙම අනපේක්ෂිත සිදුවීම හමුවේ වුවද කිසිදු බාධාවකින් තොරව සිය ගායනය ඉදිරියටම කරගෙන යාමට ඇය කටයුතු කර ඇති අතර, රසිකයින් විසින් ඇයව වේදිකාවට යැවීම ප්‍රතික්ෂේප කරන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන මේ වන විට විවිධ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ඉතා වේගයෙන් හුවමාරු වෙමින් පවතිනවා. වීඩියෝව පලවෙනි comment එකේ

#SriCOM #KatyPerry