
Johnny Depp donates $1 million lawsuit damages to charities
ජනප්‍රිය හොලිවුඩ් නළු Johnny Depp සහ Amber Heard අතර පැවති සුප්‍රසිද්ධ නඩු විභාගයෙන් ඔහු ජයග්‍රහණය කළ ඇමරිකානු ඩොලර් මිලියනයක සම්පූර්ණ වන්දි මුදල පුණ්‍ය කටයුතු සඳහා පරිත්‍යාග කර තිබෙනවා. ළමා, පරිසර සහ සමාජ සුභසාධන ක්ෂේත්‍ර නියෝජනය කරන ප්‍රමුඛ පෙළේ ආයතන පහක් සඳහා මෙම අරමුදල් සමානව බෙදී යන පරිදි එක් ආයතනයකට ඇමරිකානු ඩොලර් ලක්ෂ දෙක බැගින් ලබා දී තිබෙනවා.
ඒ අනුව දරුණු ලෙස රෝගාතුර වූ දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක වන, පරිසර සංරක්ෂණය කරන, අඩු පහසුකම් සහිත ප්‍රජාවන් නඟාසිටුවන මෙන්ම තරුණ සිනමාකරුවන්ට අතහිත දෙන Make-A-Film Foundation, The Painted Turtle, Red Feather, Tetiaroa Society සහ Amazonia Fund Alliance යන ආයතන වෙත මෙම මුදල් පිරිනමා තිබෙනවා.
මෙම නීතිමය සටන තමන් සිදු කළේ මුදල් අරමුණු කරගෙන නොවන බවත්, තම කීර්ති නාමය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පමණක් බවත් ඔහු නඩු විභාගය පුරාම අවධාරණය කරනු ලැබුවා. ඒ අනුව මෙම දැවැන්ත මුදල් පරිත්‍යාගය, ඔහු ප්‍රකාශ කළ ස්ථාවරය ක්‍රියාවෙන්ම ඔප්පු කිරීමක් ලෙස මේ වන විට ලොව පුරා දැඩි කතාබහට ලක්ව තිබෙනවා.
Discussion
No comments yet — start the conversation.