Jim Carrey and Ron Howard in talks to return for The Grinch sequel

Jim Carrey and Ron Howard in talks to return for The Grinch sequel

වසර 26ට පසු ලොව පුරා අතිශය ජනප්‍රිය වූ The Grinch චිත්‍රපටයේ නවතම දිගුවක නිෂ්පාදන කටයුතු ආරම්භ කර ඇති බවට නිළ වශයෙන් දැනුම් දදී තිබෙනවා. Hollywood Reporter වෙබ් අඩවිය නිකුත් කළ අලුත්ම තොරතුරු අනුව එහි ප්‍රධාන චරිතය සඳහා නැවතත් ජනප්‍රිය නළු Jim Carrey එක්වීමට නියමිත අතර මුල් චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ Ron Howard විසින්ම මෙයද අධ්‍යක්ෂණය කිරීමට අදාළ මූලික සාකච්ඡා මේ වන විට ආරම්භ කර තිබෙනවා.

වසර 2000 දී තිරගත වූ මුල් චිත්‍රපටය ලොව පුරා අතිවිශාල ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගැනීමට සමත් වූ අතර Universal සහ Imagine Entertainment ආයතන එක්ව මෙම නවතම චිත්‍රපටය නිෂ්පාදනය කරනු ලබනවා. මෙහි තිර රචනය Alec Berg, Jeff Schaffer සහ David Mandel යන ප්‍රවීණ තිර රචකයින් විසින් සිදු කිරීමට නියමිතයි.