iPhone 17 Pro Max buried in America's 250-year time capsule until 2276

iPhone 17 Pro Max buried in America's 250-year time capsule until 2276

ඇමරිකාවේ 250 වැනි සංවත්සරය (America250) වෙනුවෙන් Philadelphia හි Independence National Historical Park භූමියේ අඩි 10ක් යටින් වළදමනු ලැබූ සුවිශේෂී time capsule එකක් තුළ නවතම iPhone 17 Pro Max ජංගම දුරකථනයක්ද තැන්පත් කර තිබෙනවා. මෙම time capsule එක නැවත විවෘත කිරීමට නියමිතව ඇත්තේ වසර 250කට පසුව, එනම් 2276 වසරේදී පැවැත්වෙන ඇමරිකාවේ 500 වැනි සංවත්සරයේදී වීම මෙහි ඇති සුවිශේෂීම කරුණයි.

අනාගත පරම්පරාවට 2026 වසරේ ඇමරිකානු තාක්ෂණය සහ ජන ජීවිතය පිළිබඳව මනා අවබෝධයක් ලබාදීමේ අරමුණින් "America Innovates" වැඩසටහන යටතේ මෙම Cosmic Orange වර්ණයෙන් යුත් iPhone 17 Pro Max දුරකථනය මෙලෙස තැන්පත් කර තිබෙනවා. අනාගතයේදී මෙය විවෘත කරන පුද්ගලයින්ට කියවීම සඳහා එහි Notes app එක තුළ විශේෂිත ඩිජිටල් දත්ත සහ සටහන් රැසක්ද (digital artifacts) ගබඩා කර ඇති බවයි වාර්තා වන්නේ. iPhone දුරකථනයට අමතරව ජනප්‍රිය සන්නාම වලින් මීලගට ඇතුලත්ව ඇත්තේ Coca-Cola පමණක් වන අතර සමාගමේ උපන්ගම වන Georgia ප්‍රාන්තය නියෝජනය කරමින් ඔවුන්ගේ පැරණි වීදුරු බෝතලයක් මීට ඇතුළත් කර ඇති අතර, බෝතලයක් තුළ පණිවිඩයක් යවන ආකාරයට I'd Like to Buy America a Coke නමැති ජනප්‍රිය ගීතයේ සටහන් පත්‍රිකාවක්ද ඊට බහා තිබෙනවා.

රාත්තල් 900ක් බරැති මල නොබැඳෙන වානේ (stainless steel) සිලින්ඩරයක් ලෙස නිර්මාණය කර ඇති මෙම time capsule එක තුළ කාලයත් සමඟ ජලයෙන් සිදුවිය හැකි හානි වළක්වා ගනිමින් මෙය අතිශය ආරක්ෂිතව නිර්මාණය කිරීම සඳහා National Institute of Standards and Technology සහ Library of Congress ආයතනවල විශේෂඥයින් එක්ව තිබෙනවා. ඒ අනුව රාත්තල් 900ක් බරැති මෙම මල නොබැඳෙන වානේ සිලින්ඩරය ඇතුළතට වාතය හෝ ජලය කාන්දු නොවීම සඳහා Indium නැමැති මෘදු ලෝහය භාවිත කරමින් සම්පූර්ණයෙන්ම මුද්‍රා තබා තිබීම විශේෂත්වයක්. ඊටත් අමතරව මෙය භූගත කිරීමෙන් අනතුරුව ඒ මතින් රාත්තල් 1100ක් බරැති තවත් වානේ ආවරණයක් යොදා ඇති අතර, අතීතයේ සිදුවූ දෝෂ මඟහරවා ගනිමින් මෙය සම්පූර්ණයෙන්ම විනාශ කළ නොහැකි මට්ටමේ හෙවත් zombie-proof ආරක්ෂිත එකක් ලෙසට නිර්මාණය කර ඇති බව අදාළ විද්‍යාඥයින් වැඩිදුරටත් අවධාරණය කර සිටිනවා.

ඔයාට මොකද හිතෙන්නේ තව අවුරුදු 250කින් ඒ කියන්නේ 2276 දි විවෘත කලාට පස්සේ iPhone එක වැඩ කරයිද? Samsung වැනි වෙනත් ප්‍රධාන සන්නාම භාවිත කරල නැත්තේ ඇයි?