Indian government orders Meta to halt WhatsApp username rollout, seeks response within 3 days

Indian government orders Meta to halt WhatsApp username rollout, seeks response within 3 days

WhatsApp පරිශීලක නාම (Usernames) හඳුන්වාදීම අත්හිටුවන්නැයි ඉන්දියානු රජයෙන් නියෝගයක්.

Meta සමාගමේ යෙදවුමක් වන WhatsApp විසින් අලුතින් හඳුන්වා දීමට සැලසුම් කර ඇති පරිශීලක නාම විශේෂාංගය ඉන්දියාව තුළ ක්‍රියාත්මක කිරීම වහාම අත්හිටුවන ලෙස ඉන්දීය රජය එම සමාගමට නියෝග කර තිබෙනවා.

රොයිටර් පුවත් සේවය වාර්තා කරන්නේ ඉන්දීය විද්‍යුත් හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය විසින් මේ සම්බන්ධයෙන් මෙටා සමාගම වෙත නිල ලිපියක් යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

දුරකථන අංකය හෙළි නොකර, වෙනත් අයෙකු සමඟ සන්නිවේදනය කිරීමට ඉඩ සලසන මෙම නව විශේෂාංගය හරහා අන්තර්ජාල මූල්‍ය වංචා, ව්‍යාජ අනන්‍යතා මවාපෑම් (Impersonation) සහ සයිබර් අපරාධ ශීඝ්‍රයෙන් ඉහළ යා හැකි බවට ඉන්දීය රජය සැක පළ කරන අතරම විශේෂයෙන්ම රාජ්‍ය ආයතන හෝ ප්‍රමුඛ පුද්ගලයින්ගේ නමින් ව්‍යාජ ගිණුම් සකසා මහජනතාව මුළා කිරීමට අපරාධකරුවන්ට මේ හරහා අවස්ථාව ලැබෙන බව ඉන්දීය බලධාරීන් පෙන්වා දී තිබෙනවා.

මේ හේතුවෙන් අදාළ ආරක්ෂණ ක්‍රමවේදයන් පිළිබඳව දින 3ක් ඇතුළත පැහැදිලි කිරීමක් කරන ලෙසත්, රජය සමඟ පවත්වන සාකච්ඡා නිමාවන තෙක් මෙම විශේෂාංගය ඉන්දියාව තුළ දියත් නොකරන ලෙසත් වට්ස්ඇප් මෙටා සමාගම වෙත දන්වා ඇති අතරම මේ පිළිබඳව අදහස් දක්වමින් වට්ස්ඇප් ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ මෙම විශේෂාංගය තවමත් සක්‍රීය කර නොමැති අතර, ව්‍යාජ ගිණුම් වැළැක්වීම සඳහා රාජ්‍ය ආයතන, ප්‍රසිද්ධ පුද්ගලයින් සහ සත්‍යාපිත (Verified) ගිණුම්වලට අදාළ පරිශීලක නාමයන් කලින්ම වෙන් කර තබා ගැනීමට පියවර ගන්නා බවයි.

මිලියන 500කට අධික පරිශීලකයින් සිටින WhatsApp හි විශාලතම වෙළෙඳපොළ වන්නේ ඉන්දියාවයි. මීට පෙර Telegram සහ Signal යන යෙදුම් ද මෙලෙස දුරකථන අංක සැඟවීමේ විශේෂාංග හේතුවෙන් ඉන්දීය රජයේ දැඩි පරීක්ෂාවට ලක්වුණා.