Hutch පාවිච්චි කරන අය පරිස්සම් වෙන්න!

Hutch පාවිච්චි කරන අය පරිස්සම් වෙන්න!

Hutch පාවිච්චි කරන අය පරිස්සම් වෙන්න!

පසුගිය ජූලි 30 මගේ WhatsApp එක Zero-click hack වුණා. ඊටපස්සේ ආයේ ලොග් වෙන්න try කරද්දී Hutch සිම් එකට OTP එක එන්නේ නෑ. Hutch එකට complain කළාම උන් කියනවා ඒක උන්ගේ අවුලක් නෙමෙයිලු, WhatsApp එකේ අවුලක්ලු. හැබැයි වෙන Network එකක සිම් එකකට OTP request කළාම කිසි අවුලක් නැතුව එනවා. ඒ කියන්නේ ඒක කොහොමවත් WhatsApp එකේ අවුලක් වෙන්න බෑනේ!

අද දෙවෙනි පාරටත් හැක් උනා. මම ටිකක් හොයලා බැලුවම ගොඩක් අයට මේ දේම වෙලා තියෙනවා. විශේෂයෙන්ම 078 ට වඩා 072 numbers වලට තමයි මේ ප්‍රශ්නේ ගොඩක්ම එන්නේ. භයානකම දේ තමයි Two-Factor Authentication (2FA) On කරලා PIN එක දාලා තියෙද්දිත් මේක වෙන එක.

මම එදා පැය ගාණක් කට්ට කාලා කොහොමහරි මගේ WhatsApp එක හදාගත්තා. හැබැයි ජූලි 30 දාපු complain එකට අද වෙනකල් Hutch එකෙන් response කරලා issue එක හරිද කියලාවත් අහලා නෑ. අද කෝල් කළාමත් කියන්නේ අර පරණ බයිලාවමයි. Customer care නම් අන්තිමයි! අද දැම්ම Complain එක අගෝස්තු 28 ලු බලන්නේ 😂

අනික Telecommunications Regulatory Commission of Sri Lanka කියලා එකක් තියෙනවා, ඒකෙ ඉන්න උන් පඩි ගන්නේ නිකන්ද කොහෙද. මෙහෙම දේවල් complain කළාට කිසිම වැඩක් නෑ, උන්ගෙන් කිසිම action එකක් නෑ. ජනතාවගේ ප්‍රශ්න වලට විසඳුම් දෙන්න බැරිනම් ඔහොම ආයතන තියෙන්නේ මොකටද?

ඔයාලත් hutch පාවිච්චි කරනවනම් පරිස්සමෙන්.