
Apple’s glass iPhone is on track to release in 2027 for its 20th anniversary, Bloomberg reports
iPhone 20 සංවත්සරය වෙනුවෙන් සම්පූර්ණ වීදුරු වලින් ආවරණය වූ දුරකථනයක් නිර්මාණය කරන බවට තහවුරු වෙයි.
Apple සමාගමේ ප්‍රථම iPhone ජංගම දුරකථනයට වසර 20 ක් පිරීම නිමිත්තෙන් 2027 වසරේදී නිකුත් කිරීමට නියමිත වීදුරු නිමාවකින් යුත් නවතම iPhone මාදිලියේ සැලසුම් තවදුරටත් ක්‍රියාත්මක වන බව Bloomberg වෙබ් අඩවිය විසින් තහවුරු කර තිබෙනවා. මෙම නවතම දුරකථනයේ නිෂ්පාදන කටයුතු අත්හැර දමා ඇති බවට Jefferies හි විශ්ලේෂකයෙකු වන Edison Lee විසින් මෑතකදී සිදුකළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරමින් Mark Gurman විසින් මෙම නවතම තොරතුරු අනාවරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
V73 සහ V74 යන අභ්‍යන්තර නාමයන්ගෙන් හැඳින්වෙන මෙම 2027 iPhone Pro මාදිලිවල ඉදිරිපස සහ පිටුපස සම්පූර්ණයෙන්ම වීදුරුවලින් ආවරණය වනු ඇති අතර, එහි පැති දාර දක්වා වක්‍ර වූ වීදුරු නිමාවක් සහ මධ්‍යයෙන් දිවෙන ලෝහමය රාමුවක් දැකගත හැකි වනු ඇතැයි සඳහන් වනවා. 2007 වසරේදී පළමු iPhone දුරකථනය නිකුත් වීමෙන් පසුව එහි 10 වන සංවත්සරය වෙනුවෙන් 2017 වසරේදී iPhone X නිකුත් කළ ආකාරයටම, මෙම නවතම දුරකථනය ද Apple සමාගමේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරනු ඇති බවට තාක්ෂණික ලෝකයේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා.
මීට අමතරව Apple පාරිභෝගිකයින්ට අහන්න ලැබෙන තවත් සුවිශේෂීම ආරංචියක් වන්නේ, Apple සමාගමේ ප්‍රථම foldable උපාංගය ද එළඹෙන මාසයේදී නිල වශයෙන් එළිදැක්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි.
Discussion
No comments yet — start the conversation.