Hayden Panettiere has sadly passed away at the age of 36.

Hayden Panettiere has sadly passed away at the age of 36.

අතිශය ජනප්‍රිය Scream ත්‍රාසජනක චිත්‍රපට මාලාවේ Kirby Reed ගේ චරිතය සහ ලොව පුරා ප්‍රසිද්ධියට පත් Heroes ටෙලිනාට්‍යයේ Claire Bennet ගේ චරිතය හරහා ප්‍රේක්ෂක ආදරය දිනාගත් සුප්‍රකට ඇමරිකානු නිළි Hayden Panettiere සිය ජීවන ගමනින් සමුගෙන තිබෙනවා. වයස අවුරුදු 36 දී සිදුවූ ඇයගේ මෙම හදිසි මරණය පිළිබඳව ඇයගේ නියෝජිතයෙකු විසින් නිල වශයෙන් තහවුරු කර තිබුණද, මරණයට නිශ්චිත හේතුව මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ.

1989 වසරේ අගෝස්තු 21 වනදා ඇමරිකාවේ නිව්යෝර්ක් හිදී උපත ලැබූ ඇය, සිය කුඩා අවධියේදීම වෙළඳ දැන්වීම් හරහා රංගන ක්ෂේත්‍රයට පිවිස තිබෙනවා. වයස අවුරුදු 9 දී Pixar ආයතනයේ A Bug's Life සජීවීකරණ චිත්‍රපටයේ Princess Dot ගේ චරිතයට හඬ දායකත්වය ලබා දෙමින් සිනමාවට පිවිසි ඇය, ඉන් අනතුරුව Remember the Titans, Raising Helen, Racing Stripes සහ Bring It On: All or Nothing වැනි ජනප්‍රිය චිත්‍රපට රැසකට සිය රංගන දායකත්වය ලබා දී තිබුණා. මීට අමතරව ABC නාලිකාවේ විකාශය වූ Nashville කතාමාලාවේ Juliette Barnes ගේ රංගනය වෙනුවෙන් ඇය Golden Globe සම්මාන උළෙලේදී හොඳම සහය නිළිය සඳහා ද්විත්ව නිර්දේශයන් ද ලබාගැනීමට සමත් වුණා.

ඇයගේ බාල සහෝදරයා වූ Jansen Panettiere ද මීට වසර 3 කට පෙර එනම් 2023 වසරේ පෙබරවාරි මාසයේදී හඳුනා නොගත් හෘද රෝගයක් හේතුවෙන් සිය වයස අවුරුදු 28 දී හදිසියේම ජීවිතක්ෂයට පත්ව තිබුණා. මෙම හදිසි වියෝවත් සමග Hayden Panettiere ගේ දෙමාපියන් මෙන්ම ඇයගේ කුඩා දියණිය ද මේ වන විට දැඩි කම්පනයට පත්ව සිටින බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.