
Gaming community raises over 50,000 dollars for critically ill fan awaiting lung transplant
GTA VI ක්‍රීඩා කිරීම සඳහා ජීවත් වීමට උත්සහ කරන පෙනහළු රෝගයකින් පීඩා විඳින රසිකයෙකුට සැත්කම සඳහා GTA රසිකයන් විසින් ඇ.ඩො 50,000ක (රුපියල්: ලක්ෂ 166.3) මුදලක් පරිත්‍යාග කරයි.
TikTok සමාජ මාධ්‍ය ජාලය තුළ Void Only නම් 25 හැවිරිදි Jerry Fort නැමති වීඩියෝ ක්‍රීඩා අන්තර්ගත නිර්මාණකරුවා හට ද්විත්ව පෙනහළු බද්ධ කිරීමේ සැත්කමක් සිදු කිරීම වෙනුවෙන් ලොව පුරා සිටින වීඩියෝ ක්‍රීඩා ලෝලීන් එක්ව ඇ.ඩො 50,000 කට (ශ්‍රී ලංකා රුපියල්: ලක්ෂ 166.3) අධික මුදලක් එක්රැස් කර තිබෙනවා. වයස 17 සිට දරුණු පෙනහළු රෝගයකින් පීඩා විඳින ඔහු මේ වන විට දැඩි සත්කාර ඒකකයේ ඔක්සිජන් ආධාරයෙන් ප්‍රතිකාර ලබමින් සිටිනවා. ඔහුගේ පෙනහළු අභ්‍යන්තර පපුවේ කුහරයට සම්පූර්ණයෙන්ම සම්බන්ධ වී ඇති බැවින් බද්ධ කිරීමේ සැත්කමට පෙර ඒවා ඉවත් කිරීමට සිදුවන බවත්, අධික රුධිර වහනයක් වීමේ හැකියාව ඇති බැවින් එය දැඩි අවදානම් සහගත තත්ත්වයක් බවත් වෛද්‍යවරුන් පෙන්වා දී තිබෙනවා.
මෙලෙස දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතරතුරදී සිය රෝගී තත්ත්වය පිළිබඳව මෙන්ම Rockstar Games ආයතනය විසින් නිකුත් කිරීමට නියමිත නවතම GTA VI ක්‍රීඩාව නිකුත් වන තුරු ජීවත් වීමට තමන්ට දැඩි අවශ්‍යතාවයක් පවතින බව පවසමින් ඔහු විසින් පළ කළ වීඩියෝවක් මෙම දැවැන්ත පරිත්‍යාගයන් සඳහා ප්‍රධාන වශයෙන් හේතු වී තිබෙනවා. එම වීඩියෝවට මේ වන විට මිලියන 1.5 කට අධික මනාප සංඛ්‍යාවක් හිමිව ඇති අතර, Reddit ඇතුළු සමාජ මාධ්‍ය වේදිකාවන් රැසක වීඩියෝ ක්‍රීඩා ලෝලීන් අතර එය සීඝ්‍රයෙන් පැතිර ගොස් තිබුණා.
ඒ අනුව ඔහුගේ දැවැන්ත වෛද්‍ය වියදම් සහ සැත්කමෙන් පසු පුනරුත්ථාපන කටයුතු වෙනුවෙන් ඔහුගේ මව්පියෙකු වන Paris Fort විසින් GoFundMe වේදිකාව හරහා අරමුදල් රැස් කිරීමක් ආරම්භ කර තිබුණා. එහි මූලික ඉලක්කය ඩොලර් 15,000 ක් වුවද, දින කිහිපයක් ඇතුළත ලොව පුරා ක්‍රීඩා ලෝලීන්ගේ සහ වෙනත් අන්තර්ගත නිර්මාණකරුවන්ගේ දැවැන්ත දායකත්වයෙන් එය ඩොලර් 50,000 සීමාව ද ඉක්මවා යාමට සමත් වී තිබෙනවා. මෙම දැවැන්ත සහයෝගය සම්බන්ධයෙන් ඔහු සිය ප්‍රේක්ෂකයින්ට දැඩිව ස්තූතිය පළ කර ඇති අතර, සැත්කමෙන් අනතුරුව සම්පූර්ණ සුවය ලබා Grand Theft Auto VI ක්‍රීඩාව ක්‍රීඩා කරන අයුරු තම ප්‍රේක්ෂකයින් සමග එක්ව සජීවීව විකාශය කිරීමට තමන් බලාපොරොත්තු වන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
Discussion
No comments yet — start the conversation.