
Donkey will release on June 30, 2028 in theaters
අතිශය ජනප්‍රිය Shrek සජීවීකරණ සිනමා විශ්වයේ සිටින ප්‍රධානතම මෙන්ම ආදරණීය චරිතයක් වන Donkey වෙනුවෙන්ම නිර්මාණය වන නවතම Donkey චිත්‍රපටය 2028 වසරේ ජූනි 30 වෙනිදා ලොව පුරා සිනමාහල් වෙත නිකුත් කරන බවට නිවේදනය කරයි. Universal සහ DreamWorks Animation ආයතන විසින් නිෂ්පාදනය කරන මෙම සුවිශේෂී චිත්‍රපටය තුළින් සාමාන්‍ය බූරුවෙකු ලෝකයම දන්නා බූරුවෙකු බවට පත් වූ ආකාරය පිළිබඳ අපූරු ආරම්භක කතාව ප්‍රේක්ෂකයින්ට දැකබලා ගැනීමට අවස්ථාව හිමිවනවා.
වසර විසි පහකට වැඩි කාලයක් පුරා මෙම චරිතය සඳහා හඬකැවූ සුප්‍රකට රංගන ශිල්පී Eddie Murphy විසින්ම මෙම නවතම චිත්‍රපටය සඳහාද සිය හඬින් දායක වී තිබෙනවා.
Discussion
No comments yet — start the conversation.