
Berlin to allow women to go topless in public swimming pools
ජර්මනියේ බර්ලින් නුවර පිහිටි පොදු පිහිනුම් තටාකවල (public swimming pools) කාන්තාවන්ට උඩුකය නිරුවත්ව (topless) පිහිනීමට අවසර ලබාදීමට එරට බලධාරීන් තීරණය කර තිබෙනවා.කාන්තාවන් සහ පිරිමින් අතර සමානාත්මතාවය ඇති කිරීමේ අරමුණින් පිරිමින්ට මෙන් කාන්තාවන්ටද උඩු කය නිරුවත්ව සිටීමේ අයිතිය තහවුරු කරමින් මෙම නව තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ. මින් ඉදිරියට ඕනෑම අයෙකුට තම කැමැත්ත පරිදි පිහිනුම් ඇඳුම් භාවිතා කිරීමට මේ හරහා නිදහස හිමිවනු ඇති බව බලධාරීන් වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.
Discussion
No comments yet — start the conversation.