
Avengers: Doomsday is on track to become 2nd biggest opening of all time.
Avengers: Doomsday පළමු සති අන්තයේදීම ඇ.ඩො බිලියන 1 සීමාව පසු කරමින් සිනමා ඉතිහාසයේ දෙවන දැවැන්තම ආරම්භක ආදායම වාර්තා කරන බවට පුරෝකථන
එළඹෙන දෙසැම්බර් 18 වනදා තිරගත වීමට නියමිත Marvel සමාගමේ අතිශය බලාපොරොත්තු සහගත Avengers: Doomsday චිත්‍රපටය සිනමා ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ දැවැන්තම දෙවන ආරම්භක ආදායම (Biggest opening) හිමිකර ගනිමින් ආරම්භක සතිඅන්තයේදීම ඇ.ඩො බිලියන 1 සීමාව පසුකරනු ඇති බවට නවතම බොක්ස් ඔෆිස් පුරෝකථනයන් හරහා අනාවරණය වී තිබෙනවා. චිත්‍රපටයේ ප්‍රවේශපත්‍ර අලෙවිය ආරම්භ කළ මුල් දින 2 තුළ ලැබුණු දැවැන්ත ඉල්ලුම, මෑතකදී අතිශය සාර්ථක වූ Spider-Man: Brand New Day චිත්‍රපටයේ පළමු දින 2 ක ප්‍රවේශපත්‍ර අලෙවියට වඩා 65% කින් ඉහළ අගයක් ගැනීම මීට ප්‍රධානතම හේතුව වී ඇති බවටයි වාර්තා වන්නේ.
මෙහි ඇති තවත් සුවිශේෂීම කරුණක් වන්නේ, Warner Bros. සමාගමේ දැවැන්තම චිත්‍රපටයක් වන Dune: Part Three ද එදිනම (දෙසැම්බර් 18) තිරගත වීමට නියමිත වීම හේතුවෙන් Avengers: Doomsday වෙත IMAX සිනමාශාලා පවා හිමි නොවී තිබෙන පසුබිමක මෙවැනි වාර්තාවක් තැබීමට සූදානම් වීමයි. ලොව පුරා සිනමාලෝලීන් අතර Dunesday නමින් හැඳින්වෙන මෙම දැවැන්ත සිනමා සටන මධ්‍යයේ පවා Marvel චිත්‍රපටයක් මෙතරම් ඉල්ලුමක් වාර්තා කිරීම සිනමා ක්ෂේත්‍රයේ දැඩි කතාබහට ලක්ව තිබෙනවා.ඔයාලගේ අදහස මොකක්ද මේ ගැන?
Discussion
No comments yet — start the conversation.