
A YouTube employee accidentally exposed themselves using a YouTube ad blocker.
නිල YouTube India ගිණුමේ අන්තර්ගතයක් හා සම්බන්ධ ඡායාරූපයක් (Screenshot) හරහා, එම ආයතනයේම සේවකයෙකු Ad blocker මෘදුකාංගයක් භාවිතා කර ඇති බව අහම්බෙන් හෙළිවීමත් සමඟ සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා.
අදාළ ඡායාරූපයේ පරිගණක මෙනුව තුළ “AdBlock — best ad blocker” යනුවෙන් ලෙස පැහැදිලිවම දර්ශනය වන අතර, මෙය මේ වන විට 𝕏 ඇතුළු සමාජ මාධ්‍ය වේදිකාවල ලක්ෂ ගණනකගේ අවධානය දිනාගැනීමට සමත් වී තිබෙනවා. පසුගිය කාලය පුරාවටම YouTube ආයතනය විසින් සාමාන්‍ය පරිශීලකයින් සඳහා මෙවැනි Ad blocker මෘදුකාංග භාවිතය දැඩි ලෙස සීමා කිරීමට පියවර ගත් අතර, දැන්වීම් රහිතව වීඩියෝ නැරඹීම සඳහා YouTube Premium සේවාව ලබාගන්නා ලෙස ද නිරන්තරයෙන් දැනුම් දෙනු ලැබුවා. එසේ තිබියදීත් එම ආයතනයේම සේවකයෙකු මෙවැනි මෘදුකාංගයක් භාවිතා කිරීම සම්බන්ධයෙන් බොහෝ දෙනා මේ වන විට උපහාසාත්මකව අදහස් දක්වමින් සිටිනවා.
සාමාන්‍යයෙන් Google ආයතනයේ සේවකයින් සඳහා නොමිලේම අදාළ Premium පහසුකම ලබාදෙන පසුබිමක, මෙලෙස තුන්වන පාර්ශ්වයේ (Third-party) මෘදුකාංගයක් භාවිතා කිරීම පිළිබඳව බොහෝ දෙනා පුදුමයට පත්ව සිටිනවා. කෙසේ වෙතත් 2023 වසරේදී ද මීට සමාන සිදුවීමක් වාර්තා වී තිබූ අතර, මෙම නවතම සිදුවීම සම්බන්ධයෙන් Google හෝ YouTube ආයතනය විසින් මෙතෙක් කිසිදු නිල ප්‍රකාශයක් නිකුත් කර නැහැ.
Discussion
No comments yet — start the conversation.